නියෝන් එළි පිරුණු හවසක
වෛවර්ණ ළඳුන් ඔබ මොබ දුවන නුවරක
නුඹ පිළිබඳ මතක මදකට පසෙකින් තබනට
මධුවිතක පහස ළබමි හුදෙකලාවම
නුඹ පිළිබඳ මතක පසෙකින් තබනු වෙනුවට
නුඹ සමඟ සිතින් ඔබ මොබ ගිය මතක එකිනෙක
ගොඩගැසී පුපුරන්න ආසන්න හිස්කබල
නුඹ කොහොම ඉන්නවද මෙහෙම මා අමතක කොට
No comments:
Post a Comment