Tuesday, March 31, 2020

රාත්‍රිය
නුඹ නින්ද සොරාගෙන ඇත
මේ තරන් දිගු ඇයි නුඹ
නැතිද තෙතමනයක් හිත යටවත්
රිදවන්නෙ කොහොමද මෙතරම්
රාත්‍රිය නිමා වී පායන තුරා හිරු
බලා හිඳිමි
නෙත් රිදුම් දෙන තුරු බලා හිදිමි
හෙට හිරු නැගෙන තුරු
රාත්‍රිය ඇයි නුඹ මේ තරන් නපුරු


No comments:

Post a Comment