අපි ඒලෙවල් දෙවෙනි පාරට කරන කාලෙ, ඒ කියන්නෙ 2005, මහනුවර ඇතුලු ප්‍රධාන නගර කීපයක භෞතික විද්‍යාව උගන්නපු සර් කෙනෙක් ගීත එකතුවක් නිශ්පාදනය කලා. ප්‍රසිද්ධ ගායකයො, ගේය පද රචකයො, සංගීතඥයො රැසක් එකතු කරගෙන තමයි ඒ ගී එකතුව කරල තිබ්බෙ. සිංදු හදන අතරෙ ඒ ගැන ක්ලාස් එකේ කියපු කතා අහල අපිත් මාර ආසවෙන් හිටියෙ සිංදු ටික අහන්න.
අපේ රටට සුනාමි ආවෙ 2004 දෙසැම්බර් මාසෙනෙ. දැනට අවුරුදු 15කට කලින්. ඉතින් ඔය සර්ගෙ සිංදු එකතුවෙ සුනාමිය ගැනත් සිංදුවක් හැදෙන බව අපි දැනගෙන හිටිය. අපිට ස්වභාවධර්මයා අපි වටේ ඉන්න මිනිසුන් නොමිනිසුන් අදුර ගන්න කාලෙන් කාලෙට එවනවනෙ එක එක දේවල්. සුනාමියත් ඒ වගේ එකක්. එකට එකාවන්ව උවදුරෙන් බේරෙන්න ගොඩ එන්න වෙහෙසෙන අතරෙ නොමිනිසුන් හැසිරුනු විදිහ අපි සුනාමිය වෙලාවෙ දැක්ක. පණ අදින මිනිස්සුන්ගෙ රත්තරං බඩු හොරාකාපු උන්, බොරු කරල ආධාර ගත්ත උන් ගැන ඕනෙ තරම් කතා ඒ කාලෙ අපි ඇහුවා සහ කියෙව්ව.
ඉතින් අර ගීත ටික සම්පූර්ණ කරල ඒ ටික ක්ලාස් එකේ දාල හැමෝටම අහන්න දුන්න. ඇත්තටම ඒ සිංදු ඔක්කොම මාර ලස්සනයි. අනික ඒ සින්දු හැදිච්ච හැටි අපි ක්ලාස් එකේ රස කතා හැටියට අහල තිබ්බ නිසා ඒ සිංදු ටික හැමෝම රස වින්ද. ඒ සිංදු ටික ඒ කාලෙ එච්චර ජනප්‍රිය නොවුනත් පසුකාලීනව ඒ හැම ගීතයක්ම අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.
අර සුනාමිය ගැන සින්දුවත් අපි එදා ඇහුව. අමනුස්සයන් වෙරලේ ඉතිරි කරල අහිංසකයින් මුහුදට අරන් ගිය එක ගැන ඒ ගීතය ප්‍රසිද්ධ ගායකයකුගේ හඬින් මුල් වරට එදා ඇහුවා. එදා අර සර් කිව්ව මෙහෙම දෙයක්. සුනාමියෙන් පසුව අමනුස්ස හැසිරීම් කොතෙකුත් දුටුවද, ආයෙ සුනාමියක් ආවොත් අර අහිංසකයො ටික ඉතුරු කරල අමනුස්සයො ටික මුහුදට අරන් යන්න වගේ අදහසක් ගීතයට එකතු කරන්න එයට සම්බන්ධ වූ කාටත් හිත් නොදුන් බව.....
මේ 2020. ලෝකයටම මහා ව්‍යසනකාරී තත්ත්වක් උදා වෙලා තියෙන වෙලාවක්. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මුලු ලෝකයම තැතිගැන්මකට ලක්වෙලා තියෙන වෙලාවක්. මුදල් ඇති නැති හැමෝම අසරණ වෙලා ඉන්න වෙලාවක්. බැංකු පොත් වල ලක්ෂ ගණන් සල්ලි තිබ්බත් සමහරුන්ට තමන්ගෙ අම්මට තාත්තට ඕනෙ බේත් ටික කෑම ටික අරන් දෙන විදිහ ගැන, දරුවන්ට අවශ්‍ය කෑම ටික ගන්න විදිහ ගැන, තමන්ගේ ප්‍රියයන් ගැන අවිනිශ්චිතව කල් ගෙවන වෙලාවක් මේක.
මේකත් අර 2004 වගේ මිනිස්සු නොමිනිස්සු අඳුර ගන්න ස්වභාවධර්මයා දුන්න අවස්ථාවක් වෙලා. රජය, ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් තම උපරිමයෙන් මෙම තත්ත්වයෙන් ගොඩ එන්න අසීමිත් කැපවීමක් කරද්දි එහෙන් මෙහෙන් අපිට දකින්න ලැබෙන අමනුස්සයන් පිළිබඳ ඇතිවන්නේ කලකිරීමකි. කලු කඩකාරයන්, මුදලට "සහන මලු" විකුණා මුහුණු පොතේ පින්තූර දා ගන්නා තක්කඩින්, කපටි "ව්‍යවසායකයන්", ඇදිරි නීති මායිම් නොකර පාරවල් පුරා සවාරි යමින් මුළු රටක් අනතුරේ හෙලන්නන් පමණක් නොව මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් තුල පවා තම ජාතිවාදී ආගම්වාදී අමන අදහස් වපුරන්නට වෙර දරන්නන් අපට අප ගැනම ඇති කරන්වන්නේ අප්පිරියාවකි.
වෛරසයකට තරාතිරම අදාල නැත. එහි මීලඟ ගොදුර මම වීමටද අවස්ථාවක් නැත්තේ නොවේ. මේ ව්‍යසනය අතරතුර කොපමණ අමනුස්සයන් හමුවුවද, අමනුස්සයන් ගැන අහන්න ලැබුණද, අර සිංදුවට ඇතුලත් කරන්නට සිත් නොදුන් කොටස සේ, මෙම සටහනට ද යම් කොටසක් ඇතුලත් කිරීමට සිත් නොදේ....එබැවින් සටහන මෙතකින් නවතමි.
මෙම තත්ත්වයෙන් ඉක්මනින්ම මිදෙන්නට මුළු ලෝකයටම හැකි වේවායි පතමි.
දිනුෂ

No comments:
Post a Comment