Monday, June 22, 2020
Wednesday, June 17, 2020
Saturday, June 13, 2020
එහෙනන් බලන්නන් ෆිල්ම් එකක්
නැත්නන් ටෙලියක්
හිත හදා ගන්න
සමනළ සංධ්වනිය බලන්න ගත්තා. වාදීෂගෙයි පුන්‍යාගෙයි අහිමි වෙච්ච ආදර කතාව. මගේ නොවන මගේම ආදරයක් ගැන කියවෙන කතාව. එකකට එකක් සම්බන්ධයක් නැති, මෙන්න මේකයි කියන්න හේතුවක් නැති දේට මිනිස්සු ආදරේ කියල කියනවලු.
ඊලඟට දැකල පුරුදු කෙනෙක්. ආදරේ කියන්නෙ දැනෙන දෙයක්ලු. ආදරේ කියන දේ දැනෙන දෙයක් කියල දැනගත්තෙ එයාගෙන්ලු.
තැතින් තැන, අතරින් පතර සහෝදරයා බලන්න පටන් ගත්තා. තමන්ට නොලැබිච්ච, තමන්ගෙ යාලුවෙක්ට ලැබිච්ච ආදරේ, උත්තරාදේවිව, අජන්ත පරිස්සන් කරන හැටි......කිසිම දෙයක් බලාපොරොත්තු නොවී රකින හැටි......
ඒකත් අල්ලලා දාල තණමල්විල කොල්ලෙක් බලන්න ගත්තා. යශෝධරා දීප්තට ආදරේ කරනවද? කිසිම දෙයක ආපිට බලාපොරොත්තු නොවී දීප්තට මගපෙන්නපු යශෝධරා අවසානයේ දීප්තගෙන් ඉල්ලන්නෙ හැම තිස්සෙම කල්පනාවෙන් වැඩකරන්න. ඒ නැවත නොඑන්නම යන ගමනක් නිසාදෝ කියල හිතුනෙ.....
ඊලඟට බියර් විතවුට් ඇල්කොහොල්. ලොක්ඩවුන් කාලෙ හඳගම හදපු ශෝර්ට්ෆිල්ම් එක. ආදරේට ඇදවටෙන හැටිද, ආදරේ නිසා ඇද වැටෙන හැටිද, ආදරේ නිසා ඇදවට්ටවන හැටිද මොකද්ද මන්ද මහ අමුතු එකක් එක්ක "falling in love" කියල ඉවර වුනේ ඒකත්. මෙන්න මේ සිංදුව පසුබිමින් ඇහෙන ගමන්..... "මට මා අමතක....නිමේෂයක ඔබ කඩා වැදී මා සිත් ආකාසෙට.... උල්කාවක් සේ එලිය විහිදුවා..... නිවී ගියා කළුවරම ඉතිරිකර...මායාවකී ඔබ ඇත්තක් වාගේ..... මා දෑසේ දැවටූ...."
යන්තන් ඊට පස්සෙ වීරයා ගෙදර ඇවිත් එකේ එපිසෝඩ් හතරක් බලා ගත්තා. හතර වෙනි එකේ මෙහෙම වෙනවා....ගමට ආපු කුලේට මගදි විශාකා මුණ ගහෙනවා. කුලේගෙ ඇස් පේන්නෙ නෑ. දෙන්න මූණට මූණ හම්බෙලත්, විශාකා කතා කරන්නෙ නෑ. එයා ඉන්නවා කියල දැන ගන්න කුලේට වෙන විදිහකුත් නෑ. කුලේ හරි අසරණයි. ඈතින් විශාකා විල්බට් මාමා එක්ක කතා කරන එක යන්තමට ඇහුණ කුලේ දැනගන්නවා විශාක තමන්ව දැක්කත් මග ඇරල ගිය වග.... පස්සෙ දවසක කුලේ මෙහෙම අහනවා...."තාමත් ඉස්සර වගේමද, මහතද.......මට ඔයාව බලන්න ඕනෙ, මං දන්නවා ඔයා බැඳල කියල...ඒත් මට ඔයාව බලන්න ඕනෙ........"
ඉතින් දැන් මට මොකද්ද කරන්න කියන්නෙ....?

Friday, June 12, 2020
Thursday, June 11, 2020
Saturday, June 6, 2020
සත් මසක් ගෙවුණා
සත් වසක් සදිසිව සත් මසක් ගෙවුණා
සිතක් දෙසිතෙන් තනි වෙලා
මග හැරී මග තොට - මග නොමග පැටලිලා
කොඳ කැකුළු පීදුණු සඳ පහන් සීතේ
තරු කිනිති කැල්මෙන් මග කියූ යාමේ
නුරා - අනුරා හැඟුම් පොදි බැඳ
නුඹයි ඒ ආවේ - මා වෙත නුඹයි ඒ ආවේ
ලෙහි හොවා වැඩු පුතු ගිලන් වී
සිත විකල් වී දැයි නොම දනී
අබිනික්මනට තව කල් වැඩී
ආපිට හැරෙන් මගෙ මධුමතී - මම නුඹ ලඟයි තව මධුමතී
(නිමිත්ත : සත් මසකට පෙර පිළිකා රෝගී පුතු හා තමා තනිකර නිවෙස හැර ගිය බිරිඳ සොයා දෙන්නැ'යි සැමියකු ආයාචනා කරයි.)
පද: නිරෝධා මල්ලිකාරච්චි
Subscribe to:
Posts (Atom)