සත් මසක් ගෙවුණා
සත් වසක් සදිසිව සත් මසක් ගෙවුණා
සිතක් දෙසිතෙන් තනි වෙලා
මග හැරී මග තොට - මග නොමග පැටලිලා
කොඳ කැකුළු පීදුණු සඳ පහන් සීතේ
තරු කිනිති කැල්මෙන් මග කියූ යාමේ
නුරා - අනුරා හැඟුම් පොදි බැඳ
නුඹයි ඒ ආවේ - මා වෙත නුඹයි ඒ ආවේ
ලෙහි හොවා වැඩු පුතු ගිලන් වී
සිත විකල් වී දැයි නොම දනී
අබිනික්මනට තව කල් වැඩී
ආපිට හැරෙන් මගෙ මධුමතී - මම නුඹ ලඟයි තව මධුමතී
(නිමිත්ත : සත් මසකට පෙර පිළිකා රෝගී පුතු හා තමා තනිකර නිවෙස හැර ගිය බිරිඳ සොයා දෙන්නැ'යි සැමියකු ආයාචනා කරයි.)
පද: නිරෝධා මල්ලිකාරච්චි
No comments:
Post a Comment