Thursday, April 30, 2020

නිදි නොමති රැයක
ඔබ සොයා සුළඟක්ව එමි
ඔබ සුවෙන්දැයි බලා
නොකියාම ආපසු යමි
ආදරය ඒ වගෙයි
කඳුලු විතරයි හිමි
ඔබ හිනැහෙන දිනෙක
පමණක්ම හිනැහෙමි

Wednesday, April 29, 2020

"පිටතින් සරාගී ගැහැණු නිතර මුණ ගහුනට, ඇතුලතින් සරාගී ගැහැණු මුණ ගැහෙන්නෙ බොහොම කලාතුරකින්. එහෙම ගැහැණියෙක් ලඟ නිදිවදින්නෙ නැතුවම සුරාන්තයක් ලබන්න පිරිමියෙක්ට පුළුවන්" මෙහෙම කියන්නෙ මං නෙවේ. අර පුබුදු හෑගොඩ කියන හාදයා.

ඌ ලියන ඒව මරු. වැඩිය හිතන්න දෙයක් නෑ. මේ කතාවත් පට්ටපල් ඇත්තක්.

සුරාන්තයක් කියන්නෙ උච්චතම අවස්ථාවක් නෙ. සමහරු ගැහැණු ඉන්නවා, වචන‍‍‍‍යක් දෙකක් බැල්මක් හිනාවක් ඇති තව දවස් ගානක් ජීවත් වෙන්න. උන් එක්ක නිදිවදින්න ඕනෙ නෑ ජීවිතේ විදින්න. සමහර විට ඒ දේ නිසාම කෙනෙක් ඒ ගැහැණිය එක්කම විදවනව වෙන්නත් පුළුවන්.

මොනා උනත් ඒ වගේ ගැහැණියකට පුළුවන් මනුස්සයෙක්ව ඇදල බැදල තියා ගන්න. පොත් වල ලිය ලිය, වටේ ඉන්න අයටත් සාක්ෂි වෙන්න කියල බැඳල තියා නොගත්තත්. කොටින්ම වගේ බැඳීමකින් එලෙව්වත් යන්න කැමති මනුස්සයෙක්, මනුස්සයෙක් නන් වෙන්න බෑ.

නිදි වදින්නෙ නැතුවම සුරාන්තයකටත් වඩා සහනයක් දෙන ගැහැණියකගෙ ආදරයක් කවුරුවත් අත අරින්නෙ නෑ. අත අරින්න ලෝබයි, බයයි.

Saturday, April 25, 2020

"මාත් එක්ක තරහ උනාට පොත් පත් එක්ක තරහ වෙන්න එපා"
              ~යශෝධරා (තණමල්විල කොල්ලෙක්)

Friday, April 24, 2020

ඔබ පිපුණු මලක්
රිදන පෙලන හඬවන
කටු පිරුණ නරුවෙන්

ඉවසමි ඉවසමි රිදුම්
සුරකිමි රෝස මල් පෙති
තියා හද ලඟින්


Thursday, April 23, 2020

නුඹ පසුපස ආමි
දෙනෙත් අඳ මට
කණවැළ ඇල්ලුවේ නුඹයි
බෝ දුරක් ආමි
නැවත යන්නටවත්
බැරි දුරක් නුඹ හා ආමි
වෙනස් නොකලෙමි
නුඹගේ ගමන් මග
පසුපස ආවා පමණි
නමුදු ඔබ
මා කතර අතර මඟ
අතරමං කර
යන්නේ ඇයි

Wednesday, April 22, 2020

දරුවො වදන්න ගෑණියෙක් තෝරා ගන්නවා. කසාදෙ කියල එකකින් බැඳ ගන්නවා. ගෑණිට නිදහසකුත් නෑ. තමන්ට නිදහසකුත් නෑ. සැක කරනව, යුතුකම් වගකීම් කියල හදාගත්ත දේවල් ටිකක් එක්ක ජීවිත කාලෙම ඔට්ටු වෙනවා.....

ඔය වගකීම් අදාල නෑ කියල සමහරු කසාද නොබැඳ ඉන්නවා. ළමයි වැදුවෙ නැතුවට පැයකට දෙකකට කීයක් හරි ගෙවලා නිදහස බුක්ති වින්ද කියල හිතාගෙන ගෙදර යනවා. බැන්දත් නොබැන්ද ගානට ඔහොම "යුතුකම් වගකීම්" මුදලට දෙන ගන්න මිනිස්සුත් ඕනෙ තරන් ඉන්නවා.

ආදරේ කියන්නෙ ඔය දෙකටම නෙවේ. සල්ලි තියෙනවනන්, ගෙයක් දොරක් වාහනයක් තියෙනවනන් කසාදයක් හොයා ගන්න පුලුවන්. දරුවො වදන්නත් පුලුවන්. වියදම් කරන්න පුලුවන්නන්, ඒ වගේ දේකට හිත හදා ගන්න පුලුවන්නන් අර දෙවෙනියට කියපු විදිහෙ එකකුත් හොයා ගන්න එක ඒ තරන් අමාරු නෑ.

ඒත් ආදරේ කියන්නෙ ඔය දෙකම නෙවේ....ආදරේ කියන්නෙ අනික් මනුස්සයව තේරුන් ගන්න එක, ගරු කරන එක, ඇප්‍රිසියේට් කරන එක. ඒකෙ ලැබීම් නෑ. යුතුකම් වගකීම් කියල දෙපැත්තක් නෑ. ආදරේ දෙන්න විතරයි පුලුවන්. ආපිට බලාපොරොත්තු නෑ.....

ආදරේ කියන එක අර කලින් කියපු ක්‍රම දෙකෙන් කවදාවත් ලැබෙන්නෙ නෑ කියල මේකෙන් අදහස් වෙන්නෙත් නෑ. එහෙමත් වෙනව ඇති......
අපි ආදරේ කරපු අය කරන අය, එයාලට ඕනෙ උනාම (ඒ කියන්නෙ එපා උනාම), උවමනාවෙන්ම මග අරිනවා, පොඩි හිනාවක්වත් නොදී මග අරිනවා. ඒත් අපි බලන් ඉන්නවා, වේදනාව තනියට ලඟ තියාගෙන බලන් ඉන්නවා. වේදනාව තනි රකිනව කියන්නෙ, නොලිය ඉන්න හිතුවත්, එක එක ඒව ලියවෙනවා......

Tuesday, April 21, 2020


අපිට ජීවිතේ හම්බෙන සමහරු අපිව ජීවත් කරවනව. ඒ වගේම ඒ අයට පුලුවන් අපිව මරල දාන්නත්. අපි පටන් ගන්නව ඒ අය මත්තෙම ජීවත් වෙන්න. ඒකෙ කිසි වැරැද්දක් මටනන් තේරෙන්නෙ නෑ. 

ඉතින් ඒ වගේ අයව නැති කර ගන්න අපි බයයි. එක වචනෙකවත් වෙනසක් දැනුනොත් හරි අමාරුයි දවස ගෙවා ගන්න. තමන්ගෙ අදහස් පිට කරගන්න උදව් වෙන, ඒව ආදරෙන් නැතත් උපේක්ෂාවෙන් හරි අහන් ඉන්න කෙනෙක් ලැබෙන්නෙ මට හිතෙන විදිහටනන් පෙර පිනකට.

මට එහෙම කෙනෙක් වෙන්න පුලුවන්ද කියන එක මම දන්නෙ නෑ. ඒත් මටනන් මේ ලියන කියන දේවල් අහන් ඉන්න කෙනෙක් ඕනෙ. උපදෙසක් ගන්න කෙනෙක් ඕනෙ. කියවපු පොතක් ගැන බලපු ෆිල්ම් එකක් ගැන කතා කරන්න කෙනෙක් ඕනෙ. සැරෙන් හරි දෙන අවවාදයක් පිලිගන්න කෙනෙක් ඕනෙ. මෙහෙම කරන්නද ඇහුවම හා හරි එපා හරි කියන්න කෙනෙක් ඕනෙ. 

එහෙම කෙනෙක් කියන්නෙ ජීවිතේ සම්පතක්. එහෙම කෙනෙක් කියන්නෙ මටනන් ලොකුම තෑග්ගක්. එහෙම කෙනෙක්ට ආපිට දෙයක් දීල, ඒ වටිනාකම නැති කර ගන්න එකත් එක අතකින් මහ මෝඩ වැඩක්. මොකද ඒ වටිනාකම කිසි දේකින් හිලව් කරන්න බෑ.
...........................................................................
අර තණමල්විල කොල්ලෙක් එකේ දීප්ත ඒ අතින් හරි මෝඩයෙක්. යශෝධරා කියන්නෙ දීප්තට ඔය උඩ මන් කියල තියෙන විදිහෙ එක්කනෙක් වෙන්න පුලුවන් එක්කනෙක්. ජීවිතේ කියල දෙන්න, ජීවිතේ හයියක් වෙන්න, කොටින්ම අර මම දවසක් කිව්ව වගේ ප්ලැටොනික ප්‍රේමයක් ඇති කරගන්න පුලුවන් ජාතියෙ එක්කනෙක්. මොනා හරි හේතුවකට දීප්ත තාම ඒ "ප්‍රේමය" මග අරිනවා.
............................................................................
මේ වචන ටික ඒ "ප්‍රේමය" වෙනුවෙන්......❤
...... ......
දිනුෂ

Monday, April 20, 2020

ගල් ගැහුණු පපුවක
කෙලෙස ඉපදෙයිද කවි පද
අරගෙන රළු ගල් මිටිය
පහර දෙනවද සුණු විසුණු වෙන්නට

මිටි කුළු ගෙඩි පහර එක පිට එක
වදින විට තදින් සද්දෙට පිට පිට
ඇහුණද නුඹට මිහිරිද කණට
සත්තයි පපුව ගැහෙන්නෙත් ඒ සද්දෙට

Saturday, April 18, 2020

පැය දොළහක්
විසිහතරක්
තිස්හයක්
හතලිස්අටක්
බලන් ඉන්නෙක
උඹ එනකන්
පුරුදුයි මට
දන්නවා මම
නොලැබෙන වග
මැරෙන්න පෙර
නුඹව මට

ඒකයි ඉක්මනට
මැරෙන්නත්
ආසා මම.....

මෙහෙම ගිහින්
ඉක්මනින්ම
පුරුදු වේවි
වේදනා වලට
පුළුවන් වේවි
නොදැනුනා සේ
හිනැහෙන්න
කඳුලු වැටෙද්දිත්
නිදියන්න
පපුව හිරවෙද්දි
හුස්ම ගන්න

අපතේ යැව්වට එපා කිව්වට
කමක් නෑ මගෙ ආදරේ
ඔහේ තිබුණත් හිතේ පැත්තක
කාට දෙන්නද ආදරේ
එපා ආපිට හිනාවක්වත්
නොමිලේම දෙන ආදරේ
එපා හිතුනම වීසි කරපන්
ඒත් නුඹටයි ආදරේ


පින්තූරය ලස්සන නිසා මෙයට ඇමිණුවෙමි. පද සමඟ සම්බන්ධයක් නැත. 

Friday, April 17, 2020

ඔබේ හිත කියවමි
ඉන් වෙහෙස වෙමි
සැඟවී ඇති තැනක
ආත්මය සොයා එමි
දුකේදී තැවෙමි
සැපේදී නිවෙමි
නැතත් පහනක්
අඳුරේම දිව එමි
අගුලු ලූ ද්වාර
වසා ලූ කඩුල්ල
විවර නැති හදවත
දැක සැනින් නවතිමි
තැවෙමි
හඬමි
අයදිමි
මියෙමි

Thursday, April 16, 2020

ඉල්ලීමක්....!

උරුම නැත කඳුලු පිරි දෙනෙතකට           නින්ද
ආදරය වරදක්ද බාල දඬුවම්                     නැද්ද
නිදි නැතිව හඬන්නට දවස් කෙතරම්      ඇත්ද
මැරි මැරී ඉන්න බැහැ ගෙනියපන් පණ කෙන්ද

කඳුලු පිරි දෙනෙතින් පතමි

තුටින් නම් නුඹ
නොබැලුවත් මා දෙස
කම් නැත
සුවපත් වේවි මා
නුඹේ සතුටින්.....
කඳුලක් ආවොතින්
බලන්න මා දෙස
මට උරුම කඳුලු
ගන්නම් මම
සුවපත් කරනු රිසින්, නුඹ.....
නොපතමි ප්‍රේමය
කරමි ප්‍රේමය
පතමි සතුට සැනසුම
දෙනෙතින්, කඳුලු පිරි.....

Wednesday, April 15, 2020

මියෙන හුස්ම

මිනී මැරුම් වගේ අපරාධ පරීක්ෂණ කරනකොට, මිනීමරුව එහෙම නැත්නන් අපරාධ කාරයා ඒ තැන් වලට ඇවිත් ඒ කරන පරීක්ෂණ දිහා විපරම් කරනවා. ඒ බව පැරණි මෙන්ම මෑත කාලීන් නඩු කටයුතු වලදි පවා තහවුරු වෙනවා. තමන් මේකට අහු වෙයිද ගැලවිලා ඉන්න පුලුවන් වෙයිද වගේ දේවල් බලන්න  එහෙම එනව ඇති. ඒ වගේම තමන්ගෙ හිත තුලම හට ගත්ත වරදකාරී හැඟීම් නිසා එහෙම එනව වෙන්නත් පුලුවන්....

ආදරේ කරන මනුස්සයෙක්ව අත ඇරලා පයින් ගහල යනව කියන්නෙත් මිනීමැරුමක් වගේ  තමයි. පහර කන මනුස්සයට ආයෙ ජීවිතයක් නෑ. එක පාර නෙවේ, සිය දහස් වාරයක් මැරි මැරි උපදින්න පුලුවන්. අර කලින් කිව්ව වගේ "මිනීමරුවො" මෙහෙම මැරිල ඉන්න මිනිස්සු බලන්නත් එනවා. ඇවිත් හුස්ම ගන්නවද බලල යනවා. සමහර විට හුස්ම ගන්නව වගේ පේනව ඇති. ඒත් ඇත්ත ඒක නෙවේ. මැරිල ඉන්නෙ. කවද හරි පණ ගන්න පුලුවනුත් ඒ "මිනීමරුවට"ම තමයි....

ඒ මොනව උනත්, පණපිටින් මරල දාල පැත්තකට උනත්, කවදාවත් මැරිච්ච මිනිහා පලිගන්නන් එන්නෙ නෑ. ආදරේදි මිනිහෙක් මැරෙන්නෙ ඇත්තටම ආදරේ නිසා. ඒ නිසා එහෙම කරන්නෙ නෑ. පුලුවන්නන් තවත් ආදරේ වෙයි....

හුස්ම ගනිමින් මියෙමි
මියෙමින් හුස්ම ගමි
හැකිනම් පමණක්
හුස්ම දෙන්න
මොහොතක්වත් ජීවත් වෙන්න
වැඩිපුර.....

මට කියන්න

කඳුලු පිරුණ ඇස් වහගෙන
නිදා ගන්න කියා දෙන්න
හඬා වැටෙන් හිතත් එක්ක
නැගිට ඉන්න හැටි කියන්න
ආදරයක් හැරදා නුඹ
තුටින් ඉන්න හැටි කියන්න
කඳුලු පිරුණ ඇස් වැහෙන්න
මැරෙන්න හැටියක් කියන්න

පිරිමි කඳුලු

විහිළුවක් උනාට
සෙල්ලමක් උනාට
පිරිමි කඳුලු සමහරුන්ට

ඒ කඳුලු එන්නෙම
පරිස්සන් නැති වෙයි හිතෙනකොට
ආදරෙන් රකින්න නැතිකොට













ප්ලැටෝනික ප්‍රේමය


ග්‍රීක දාර්ශනිකයො කියන්නෙ මහ අමුතු ජාතියක්. ඒ අය කතා නොකරපු දෙයක් නැති තරම්. විද්‍යාව, දර්ශණය, නීතිය වගේ දේවල් විතරක් නෙවේ, කොටින්ම ආදරය ගැන පවා අදටත් අතිශය වලංගු කාරනා ඒ කියවීම් වල ඇතුලත්. එහෙම ආදරයක් තමයි "ප්ලැටෝනික" ආදරයක් කියන්නෙත්. මේ ආදරය ගැන කතා කරන්නෙ ප්ලේටෝ ඔහුගෙ සිම්පෝසියම් කියන දාර්ශණික කතිකාවතේ. ඒ කතිකාවතේදි කතා වෙනවා රොමාන්තික ප්‍රේමය සහ ඊට හාත්පසින් වෙනස් වෙච්ච මේ ප්ලැටොනික ප්‍රේමය ගැන. 

ඉතින් මේ විදිහට ප්ලැටෝනික ප්‍රේමයක් හට ගන්නෙ හදවත් දෙකක් අතරෙ ආධ්යාත්මික හා ආත්මීය බැඳීමක් තුලින්. තව, ආදරයේ විවිධ මට්ටම්, ප්‍රේමයේ සප්තවිධ ආකෘති වගේ දේවලුත් කතා කරල තියෙනව. 

මේ ප්ලැටෝනික ප්‍රේමයේ නූතන අර්ථ දැක්වීමත් මීට සමානයි. රෝමාන්තික ප්‍රේමයක මූලික අංගය වන ලිංගික සබඳතා කියන දේට වැඩි වැදගත්කමක් හිමි නොවන, නමුත්, එකිනෙකාට උදවු වෙමින්, අවවාද දෙමින්, දිරිමත් කරමින්, ඒ වගේම සීමා පැනවීම් නොකරමින් අනෙකාට සහනයක් වෙමින් ඒ කියන්නෙ නිතරම කම්ෆර්ට් සෝන් එකක තමන්ගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය තබා ගන්න උත්සාහ කරන ප්‍රේමයක් තමයි මේ ප්ලැටෝනික ප්‍රේමය. 

ඉතින් ඒ වගේ ආදරයක්, ඒ කියන්නෙ ප්ලැටෝනික ආදරයක් කියන්නෙ ලේසියෙන් අමතක කරන්න පුලුවන් බැඳීමක් නෙවේ. 

දිනුෂ

වචන අවි 😢😢😢

අනේ මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න මගේ කූඩුවේ...
ලියා ගී හදවතේ කිවිඳ මට හිරිහැර නොකරන් මෙසේ ...

ඔබගේ සුලකළ අකුරු පෙ‍ළේ පැටලී...
ගැළවීමක් නැත ‍යෞවනයට මිහිරී...
ආළය පිළිබඳ සිතුවිළි ළය වැතිරී...
විඳවමි තනිවම ඔබට සාප කරමී...

කිරුළු දරන්නට කිවි රජයෙහි මනරම්...
විරචිත කව් ගී කිවිඳිනි ඇති දැන්නම්...
යෞවනියන් හට කවියෙන් දී දඬුවම්...
ලබනා බුහුමන් ඔබහට වෙයි නොතරම්...

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

Tuesday, April 14, 2020

බලා හිඳිමි

නුඹ ලැබෙනකන්
ආත්මයක් බැරිනන් කල්පයක්
බලන් ඉන්න, බලන් ඉන්න මට
කොහොමත් උරුම
තනිකමම විතරයි.... මැණික

🗡️🗡️💔🔪🔪

ආදරේ කියන්නෙම, හුස්ම
වෙන් වෙලා ගිය දාට
ඉතිරි මළ කඳක් විතරයි, හුස්ම ගන්න

ඔය අනින්නෙ, පපුවට
මිනීමරුවෝ හැමෝම හිරේ නෑ
සමහරු ඉන්නෙ ඇනපු පපුව අස්සෙම

සතුටින් නොපෙනී ඉන්න
නොතේරුන් කමට මැරුවට
පපුව අස්සෙත් නුඹට පරිස්සන් හොඳටම

තුටින්නම් නුඹ

නුඹ සිටින බවවත් නොපෙනෙන්න
අවුරා දැමූ කල මාවත
තුටින්නම් නුඹ
ඒත් ඇති මට හිනැහෙන්න.....

මා සිටින බවවත් නොපෙන්නෙන්න
අවුරා දැමූ කල මාවත
තුටින්නම් නුඹ
ඒත් ඇති මට තුටින් මියැදෙන්න.....








තනමල්විල කොල්ලෙක් 🖤


Monday, April 13, 2020

සියලු පැතුම් ඉටුවන ශුභම ශුභ අලුත් අවුරුද්දක් වේවා...... .....!!!!!!!

ගී අවි


තරහකාරයන්ගෙන් පළිගන්න ලේසියි. බනින්න, ගහන්න, මඩ ගහන්න, ඒත් බැරිනන් පිහියෙන් ඇනල මරල දාන්න හරි පුළුවන්. හිත හදාගන්නත් අමාරු නෑ, උන් තරහකාරයොනෙ.

ආදරේකරන උන්ගෙන් පළිගන්න එක ඒ තරන් ලේසියෙන් කරන්න බෑ. ගහන්න අවි තෝරගන්න ඕනෙ පරිස්සමින්. හැබැයි ඒ අවියකින් ගැහුවම තරහකාරයෙන් පිහියෙන් ඇනල මරල දැම්ම වගේ නෙවේ. පහර කාපු අහිංසකයට ජීවිත කාලෙම විඳව විඳව ඒ පහරවල් වල වේදනාව විඳගෙන ඉන්න වෙනවා.

කණගාටුම කාරනේ ඕක නෙවේ, ආදරේ කරන එකාට පහර දෙන්න ඕනෙ අවියත් තනියෙන් හිතල හොයාගත්ත එකක් නෙවේ. ගොඩක් වෙලාවට ඒ අවි පාවිච්චිකරන හැටි කියල දීල තියෙන්නෙත් අර අහිංසකයමයි.


🎧🎧🎧🎧🎵🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶🎶🎧🎧🎧🎧



අවුරුදු පැතුම

නොදැනීම අලුත් අවුරුද්දකට යමින් සිටිමු. අවුරුදු සමරන එකේ අරමුණ අලුතින් සිතමින් බලාපොරොත්තු අලුත් කර ගත හැකි වීමයි.

ඉතින්, මේ අලුත් අවුරුද්ද තමන්ගෙම අවුරුද්ද කර ගන්න. බලාපොරොත්තු වලට කොහොම හරි ලඟා වෙන අවුරුද්ද කර ගන්න. ඒකට පුලුවන් උපරිම උත්සාහ කරන්න. ආදරය කරන අයගේ ආශිර්වාදය ශක්තියක් කර ගන්න. සතුටින් පරිස්සමින් අරමුණට යන්න. සියලු ශක්තිය නිතැතින්ම ලැබේවි. බුදු සරණයි.

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ...... .....

~දිනූෂ

Sunday, April 12, 2020

මම තමුසෙට ආදරෙයි කියා නොකියමි

ආදරේ එක එක විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්නෙ. වචනයක්වත් පිට නොකර දැනෙන්න අරින්න උනත් පුළුවන්. නිකන්ම නිකන් ආදරෙයි කියල වචනෙන් කියනවට වඩා ඒක තමන් ආදරේ කරන කෙනාට දනවන්න පුලුවන්නන්, ඒ ආදරේට වටිනාකමක් එනවා. එහෙම ආදර කතා මගදි නවත්තන්න ඒ කතාවල ප්‍රධාන චරිත රඟපාන නළු නිළියො කැමති වෙන්නෙත් නෑ........ඔය මොනව උනත් ආදරෙයි කියල කියන එකෙත් අමුතු ගතියක් තියෙනවා. තමන්ගෙ ආදරේට වෙට්ටු දාල පැනල යන්න හදන කෙනෙක්ට, තමන් ආදරේ බව නොතේරෙන කෙනෙක්ට, තේරුනත් නොතේරුන ගානට ඉන්න කෙනෙක්ට එහෙම වචනෙන්ම කියල දාන්න වෙන වෙලාවලුත් එනවා. කවද හරි දැනෙන්නම ආදරේ හිතෙන කෙනෙක් ලඟට ගිහින්, "මම තමුසෙට ආදරෙයි" කියන්න මාර ආසාවක් තියෙනවා. හැබැයි ඒ කෙනා මොනදේ කලත්, හිතේ තියෙන ආදරේ වැඩි මිසක් අඩු නොවන ආදරේකට විතරයි එහෙම මරන්න තරන් ආදරයක් හිතෙන්නෙ, එහෙම කියන්න හිතෙන්නෙ. හැබැයි එහෙම කියන්න කවදාවත් ලැබෙන එකක් නෑ. ඒ වචන ටිකට අකමැති නිසා මම එහෙම කියන්නෙ නෑ.......

Saturday, April 11, 2020

ආලය කරමි


නුඹ නොලැබුනත්
මතු නුඹ පතමි
නුඹ රිදෙව්වත්
සතුටින් විඳිමි
රුව නොදුටුවත්
මනසින් දකිමි
හඬ නෑසුනොත්
නිහඬව හඬමි
කොතැනක නමුත්
නුඹවම සොයමි
හැරගිය දිනෙක
උපදිමි මියෙමි

නුඹ නොබැලුවත්
නුඹටම ලියමි
තනිවම උනත්
ආලය කරමි.....😭

(නො)පැතුම්

රළු ඇඟිලි තුඩින්
හිස පිරිමැද සනසන්නට නොපතමි
රළු ඇඟිලි තුඩින්
නුඹ නමින් දුක් ගී අකුරු කරමි

නොනිම් ආශා ලියලමින්
දෙතොල් සිඹිනට නොපතමි
ප්‍රේමයේ නාමයෙන්
නළලත් හාදුවක් පමණක් පතමි

සඳ පිරුණු සීතල රැයක
නුඹෙ පහස නොපතමි
ආදරය පමණක් පතමි
ආදරණීය වදනක් පමණක් පතමි

Friday, April 10, 2020

මැරෙන්න අමාරු නෑ

අපි අඬන්නෙ
එකතු නොවුණත්
වෙන්වෙන්න වෙයි කියල බයෙන්

මං ඉක්මනට මැරුණොත්
අඬන්නෙ එහෙම නෑ
වෙන් වෙනවයි මැරෙනවයි කියන්නෙ දෙකක්

මැරෙන්න පුළුවන්
වෙන්වෙන්න බෑ මටනං
එකතු නොවුනත් කවදාවත්

...... .....

ඔයා ගැන

"ඕනෑම මනුස්සයෙක්ගේ ප්‍රේමය ඇතුලේ Turning Point එකක් තියෙනවා.
අපි ජීවිතේ  එක ම එක සැරයක් අසීමාන්තික ව ප්‍රේම කරනවා. ඒ ප්‍රේමය හිමි වෙන්න හෝ අහිමි වෙන්න පුළුවන්. ඔය දෙකෙන් මොන දේ උනත් අපි එතන ඉදගෙන ප්‍රේමය කියවන්න පටන් ගන්නවා"
                                                   ~පුබුදු හෑගොඩ


ඒ ඔයා වෙන්න ඇති
අහිමි බව හිමි වෙන්න ඇති
මේ දැනෙන දුක වෙන්න ඇති, ප්‍රේමය කියවනව කියන්නෙ

~දිනුෂ




Thursday, April 9, 2020

"කොරෝන අස්සෙ ගෙවල් වලට වෙලා ඉන්න ගමන් මිනිස්සු මූණු පොතේ එක එක සෙල්ලන් කරනවනෙ. ඒ අතර එක මිත්‍රයෙන් අහල තිබ්බ, මිනිස්සු ආදරේ කරන එක තව කෙනෙක්ට දැනෙනවද කියල. ඉතින් ඕකට එක එක උත්තර කට්ටිය ලියල තිබ්බා. දැනෙනවා, එහෙම දැනෙන්න ඕනෙ, දැනෙන්නෙ නැත්නන් වැඩක්ද, එතකොටනෙ ආදරේ බව තේරෙන්නෙ, නොදැනෙන්න ආදරේ කලා කියල වැඩක් තියෙනවද, හංගගෙන ආදරේ කරල ජීවිතේම විඳවන එකේ ඇති වැඩේ මොකද්ද වගේ ඒව තමයි තිබ්බෙ. ඒ ඔක්කොම හරි ඇති. ඒත් තමන් ආදරේ කරනව කියල තමන්ටම දැනෙන එක තරං වේදනාවක් මේ ලෝකෙ නෑ මිත්‍රයා. පිච්චි පිච්චි ජීවත් වෙන්න වෙන්නෙ." 

Sunday, April 5, 2020


https://m.youtube.com/watch?v=JpHXlpW9gEo

"....මිහිපිට මා හට නෑ වෙන සතුටක්
ඔබ රුව දකින තරම්...."




ඒ ප්‍රේමයේ වේදනාව
අවසන් හුස්ම පොද හෙළන දින
තුරුළු කරගෙන පපුවට
මියෙනු ඇත පතමින් 
හමුවන්න මතු භවයක

~දිනුෂ ජයසිංහ

Friday, April 3, 2020

සොඳුර,

රෑ අහස දෙස බලන්න
දුටුවාද සඳ පලුව සිනාසෙන
ඒ මගේ ආදරය පිළිගන්න
නුඹ සුවෙන් බව පවසන්න
මද සිනාවෙන් සැරසෙන්න


~දිනූෂ

Wednesday, April 1, 2020

පිළිවෙලක් නැති කවි වගේ පැදි
ඇයට බව ඈ දන්නවා
නොදැක්කා සේ ඉන්නවා

ඇගෙන් පණිවිඩයක් ලැබෙනතුරු
මඟ බලන බව දැන්නවා
තද කරන් හිත ඉන්නවා

පපුව මැද්දෙන් දරා ගනු බැරි
වේදනාවක් විඳිනවා
ඇය ඉන්න තැන රිදෙනවා

ටිකක් ඈතින් ඉන්න හිතුනද
නපුරුකන් මම දන්නවා
ඒත් ආදරෙ කරනවා