Wednesday, April 22, 2020

දරුවො වදන්න ගෑණියෙක් තෝරා ගන්නවා. කසාදෙ කියල එකකින් බැඳ ගන්නවා. ගෑණිට නිදහසකුත් නෑ. තමන්ට නිදහසකුත් නෑ. සැක කරනව, යුතුකම් වගකීම් කියල හදාගත්ත දේවල් ටිකක් එක්ක ජීවිත කාලෙම ඔට්ටු වෙනවා.....

ඔය වගකීම් අදාල නෑ කියල සමහරු කසාද නොබැඳ ඉන්නවා. ළමයි වැදුවෙ නැතුවට පැයකට දෙකකට කීයක් හරි ගෙවලා නිදහස බුක්ති වින්ද කියල හිතාගෙන ගෙදර යනවා. බැන්දත් නොබැන්ද ගානට ඔහොම "යුතුකම් වගකීම්" මුදලට දෙන ගන්න මිනිස්සුත් ඕනෙ තරන් ඉන්නවා.

ආදරේ කියන්නෙ ඔය දෙකටම නෙවේ. සල්ලි තියෙනවනන්, ගෙයක් දොරක් වාහනයක් තියෙනවනන් කසාදයක් හොයා ගන්න පුලුවන්. දරුවො වදන්නත් පුලුවන්. වියදම් කරන්න පුලුවන්නන්, ඒ වගේ දේකට හිත හදා ගන්න පුලුවන්නන් අර දෙවෙනියට කියපු විදිහෙ එකකුත් හොයා ගන්න එක ඒ තරන් අමාරු නෑ.

ඒත් ආදරේ කියන්නෙ ඔය දෙකම නෙවේ....ආදරේ කියන්නෙ අනික් මනුස්සයව තේරුන් ගන්න එක, ගරු කරන එක, ඇප්‍රිසියේට් කරන එක. ඒකෙ ලැබීම් නෑ. යුතුකම් වගකීම් කියල දෙපැත්තක් නෑ. ආදරේ දෙන්න විතරයි පුලුවන්. ආපිට බලාපොරොත්තු නෑ.....

ආදරේ කියන එක අර කලින් කියපු ක්‍රම දෙකෙන් කවදාවත් ලැබෙන්නෙ නෑ කියල මේකෙන් අදහස් වෙන්නෙත් නෑ. එහෙමත් වෙනව ඇති......

No comments:

Post a Comment