Wednesday, April 29, 2020

"පිටතින් සරාගී ගැහැණු නිතර මුණ ගහුනට, ඇතුලතින් සරාගී ගැහැණු මුණ ගැහෙන්නෙ බොහොම කලාතුරකින්. එහෙම ගැහැණියෙක් ලඟ නිදිවදින්නෙ නැතුවම සුරාන්තයක් ලබන්න පිරිමියෙක්ට පුළුවන්" මෙහෙම කියන්නෙ මං නෙවේ. අර පුබුදු හෑගොඩ කියන හාදයා.

ඌ ලියන ඒව මරු. වැඩිය හිතන්න දෙයක් නෑ. මේ කතාවත් පට්ටපල් ඇත්තක්.

සුරාන්තයක් කියන්නෙ උච්චතම අවස්ථාවක් නෙ. සමහරු ගැහැණු ඉන්නවා, වචන‍‍‍‍යක් දෙකක් බැල්මක් හිනාවක් ඇති තව දවස් ගානක් ජීවත් වෙන්න. උන් එක්ක නිදිවදින්න ඕනෙ නෑ ජීවිතේ විදින්න. සමහර විට ඒ දේ නිසාම කෙනෙක් ඒ ගැහැණිය එක්කම විදවනව වෙන්නත් පුළුවන්.

මොනා උනත් ඒ වගේ ගැහැණියකට පුළුවන් මනුස්සයෙක්ව ඇදල බැදල තියා ගන්න. පොත් වල ලිය ලිය, වටේ ඉන්න අයටත් සාක්ෂි වෙන්න කියල බැඳල තියා නොගත්තත්. කොටින්ම වගේ බැඳීමකින් එලෙව්වත් යන්න කැමති මනුස්සයෙක්, මනුස්සයෙක් නන් වෙන්න බෑ.

නිදි වදින්නෙ නැතුවම සුරාන්තයකටත් වඩා සහනයක් දෙන ගැහැණියකගෙ ආදරයක් කවුරුවත් අත අරින්නෙ නෑ. අත අරින්න ලෝබයි, බයයි.

No comments:

Post a Comment