අපිට ජීවිතේ හම්බෙන සමහරු අපිව ජීවත් කරවනව. ඒ වගේම ඒ අයට පුලුවන් අපිව මරල දාන්නත්. අපි පටන් ගන්නව ඒ අය මත්තෙම ජීවත් වෙන්න. ඒකෙ කිසි වැරැද්දක් මටනන් තේරෙන්නෙ නෑ.
ඉතින් ඒ වගේ අයව නැති කර ගන්න අපි බයයි. එක වචනෙකවත් වෙනසක් දැනුනොත් හරි අමාරුයි දවස ගෙවා ගන්න. තමන්ගෙ අදහස් පිට කරගන්න උදව් වෙන, ඒව ආදරෙන් නැතත් උපේක්ෂාවෙන් හරි අහන් ඉන්න කෙනෙක් ලැබෙන්නෙ මට හිතෙන විදිහටනන් පෙර පිනකට.
මට එහෙම කෙනෙක් වෙන්න පුලුවන්ද කියන එක මම දන්නෙ නෑ. ඒත් මටනන් මේ ලියන කියන දේවල් අහන් ඉන්න කෙනෙක් ඕනෙ. උපදෙසක් ගන්න කෙනෙක් ඕනෙ. කියවපු පොතක් ගැන බලපු ෆිල්ම් එකක් ගැන කතා කරන්න කෙනෙක් ඕනෙ. සැරෙන් හරි දෙන අවවාදයක් පිලිගන්න කෙනෙක් ඕනෙ. මෙහෙම කරන්නද ඇහුවම හා හරි එපා හරි කියන්න කෙනෙක් ඕනෙ.
එහෙම කෙනෙක් කියන්නෙ ජීවිතේ සම්පතක්. එහෙම කෙනෙක් කියන්නෙ මටනන් ලොකුම තෑග්ගක්. එහෙම කෙනෙක්ට ආපිට දෙයක් දීල, ඒ වටිනාකම නැති කර ගන්න එකත් එක අතකින් මහ මෝඩ වැඩක්. මොකද ඒ වටිනාකම කිසි දේකින් හිලව් කරන්න බෑ.
...........................................................................
අර තණමල්විල කොල්ලෙක් එකේ දීප්ත ඒ අතින් හරි මෝඩයෙක්. යශෝධරා කියන්නෙ දීප්තට ඔය උඩ මන් කියල තියෙන විදිහෙ එක්කනෙක් වෙන්න පුලුවන් එක්කනෙක්. ජීවිතේ කියල දෙන්න, ජීවිතේ හයියක් වෙන්න, කොටින්ම අර මම දවසක් කිව්ව වගේ ප්ලැටොනික ප්‍රේමයක් ඇති කරගන්න පුලුවන් ජාතියෙ එක්කනෙක්. මොනා හරි හේතුවකට දීප්ත තාම ඒ "ප්‍රේමය" මග අරිනවා.
............................................................................
මේ වචන ටික ඒ "ප්‍රේමය" වෙනුවෙන්......❤
...... ......
දිනුෂ

No comments:
Post a Comment