මිනී මැරුම් වගේ අපරාධ පරීක්ෂණ කරනකොට, මිනීමරුව එහෙම නැත්නන් අපරාධ කාරයා ඒ තැන් වලට ඇවිත් ඒ කරන පරීක්ෂණ දිහා විපරම් කරනවා. ඒ බව පැරණි මෙන්ම මෑත කාලීන් නඩු කටයුතු වලදි පවා තහවුරු වෙනවා. තමන් මේකට අහු වෙයිද ගැලවිලා ඉන්න පුලුවන් වෙයිද වගේ දේවල් බලන්න එහෙම එනව ඇති. ඒ වගේම තමන්ගෙ හිත තුලම හට ගත්ත වරදකාරී හැඟීම් නිසා එහෙම එනව වෙන්නත් පුලුවන්....
ආදරේ කරන මනුස්සයෙක්ව අත ඇරලා පයින් ගහල යනව කියන්නෙත් මිනීමැරුමක් වගේ තමයි. පහර කන මනුස්සයට ආයෙ ජීවිතයක් නෑ. එක පාර නෙවේ, සිය දහස් වාරයක් මැරි මැරි උපදින්න පුලුවන්. අර කලින් කිව්ව වගේ "මිනීමරුවො" මෙහෙම මැරිල ඉන්න මිනිස්සු බලන්නත් එනවා. ඇවිත් හුස්ම ගන්නවද බලල යනවා. සමහර විට හුස්ම ගන්නව වගේ පේනව ඇති. ඒත් ඇත්ත ඒක නෙවේ. මැරිල ඉන්නෙ. කවද හරි පණ ගන්න පුලුවනුත් ඒ "මිනීමරුවට"ම තමයි....
ඒ මොනව උනත්, පණපිටින් මරල දාල පැත්තකට උනත්, කවදාවත් මැරිච්ච මිනිහා පලිගන්නන් එන්නෙ නෑ. ආදරේදි මිනිහෙක් මැරෙන්නෙ ඇත්තටම ආදරේ නිසා. ඒ නිසා එහෙම කරන්නෙ නෑ. පුලුවන්නන් තවත් ආදරේ වෙයි....
හුස්ම ගනිමින් මියෙමි
මියෙමින් හුස්ම ගමි
හැකිනම් පමණක්
හුස්ම දෙන්න
මොහොතක්වත් ජීවත් වෙන්න
වැඩිපුර.....

No comments:
Post a Comment