ග්‍රීක දාර්ශනිකයො කියන්නෙ මහ අමුතු ජාතියක්. ඒ අය කතා නොකරපු දෙයක් නැති තරම්. විද්‍යාව, දර්ශණය, නීතිය වගේ දේවල් විතරක් නෙවේ, කොටින්ම ආදරය ගැන පවා අදටත් අතිශය වලංගු කාරනා ඒ කියවීම් වල ඇතුලත්. එහෙම ආදරයක් තමයි "ප්ලැටෝනික" ආදරයක් කියන්නෙත්. මේ ආදරය ගැන කතා කරන්නෙ ප්ලේටෝ ඔහුගෙ සිම්පෝසියම් කියන දාර්ශණික කතිකාවතේ. ඒ කතිකාවතේදි කතා වෙනවා රොමාන්තික ප්‍රේමය සහ ඊට හාත්පසින් වෙනස් වෙච්ච මේ ප්ලැටොනික ප්‍රේමය ගැන.
ඉතින් මේ විදිහට ප්ලැටෝනික ප්‍රේමයක් හට ගන්නෙ හදවත් දෙකක් අතරෙ ආධ්යාත්මික හා ආත්මීය බැඳීමක් තුලින්. තව, ආදරයේ විවිධ මට්ටම්, ප්‍රේමයේ සප්තවිධ ආකෘති වගේ දේවලුත් කතා කරල තියෙනව.
මේ ප්ලැටෝනික ප්‍රේමයේ නූතන අර්ථ දැක්වීමත් මීට සමානයි. රෝමාන්තික ප්‍රේමයක මූලික අංගය වන ලිංගික සබඳතා කියන දේට වැඩි වැදගත්කමක් හිමි නොවන, නමුත්, එකිනෙකාට උදවු වෙමින්, අවවාද දෙමින්, දිරිමත් කරමින්, ඒ වගේම සීමා පැනවීම් නොකරමින් අනෙකාට සහනයක් වෙමින් ඒ කියන්නෙ නිතරම කම්ෆර්ට් සෝන් එකක තමන්ගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය තබා ගන්න උත්සාහ කරන ප්‍රේමයක් තමයි මේ ප්ලැටෝනික ප්‍රේමය.
ඉතින් ඒ වගේ ආදරයක්, ඒ කියන්නෙ ප්ලැටෝනික ආදරයක් කියන්නෙ ලේසියෙන් අමතක කරන්න පුලුවන් බැඳීමක් නෙවේ.
දිනුෂ
No comments:
Post a Comment