Monday, May 3, 2021


මේ දවස්වල වහින වැස්සත්

හරියටම නුඹ වගේමයි

නොකියාම එක් වරම ඇවිදින්

නොසිතනා ලෙස නිහඬ වෙයි

කෂ්ඨක පොළොවකට වැහිබිඳු

සිසිල උණුහුම අරන් එයි

නොකියාම නුඹ නිහඬ වූ විට

හිත සොවින් මිරිකී තැවෙයි

හීං හිරිකඩ කවුලුවෙන් විත්

නුඹව සිහිකර සිනාසෙයි

කවුළු දොරගුළුලා සිරගතව

නුඹ සොයා සිත වෙහෙස වෙයි

No comments:

Post a Comment