මේ හිරිගඩු පිපෙන
හීතල රාත්‍රිය
නුඹවම සිහිගන්වමින්
නොතේරෙන එක දෙයක්
රිදවනවාද සනසනවාද
සැරිසරමින් නුඹ
ඔබමොබ මා සිත ලඟ
ලං වෙන්න සිපගන්න
වැලඳ නුඹ සනසන්න
ඉඩක් මට නැතුවාට
නුඹ නොවෙද ආදරය
No comments:
Post a Comment