Monday, December 2, 2019

සිහින

දෙතොල් නළලත සිපගත්
රස විඳිමු හාදුවක් උණුසුම්
දෙසැම්බරයේ සීත සවසක
බෙදා ගමු කෝපි උගුරක්

ආදරේ කියා දෙමි
නුඹ එක්ක වරුවක්
ඇස් දිහා බලාගෙන
ඔහේ ඉමු දවසක්

පොඩි ඉඩක් ලැබුනොතින්
හිනාවෙමු මොහොතක්
අඬන්නට හිතුනොතින්
හිනාවෙමු ආයෙත්


No comments:

Post a Comment