පැටලී දඟකළ දෑඟිලි ඔහු හා
අත හරුනත් ඉඳහිට නුඹ හින්දා
මඟ හැරුනේ නෑ ජීවිතේ
අරුත නුඹයි දිවියට ගෙනදුන්නේ සැමදා
අතිනත ගෙන ඔහු හා මා
පියමං කල මංමාවත් අතරින්
ඔහු හා මා අත් නුඹෙ අත් පටලන්
සවිය නුඹයි දිවියට ගෙන දුන්නේ සැමදා
විකසිත හිරු ආලෝකය දුන් දිවියට
පුන් සඳ වේ නුඹ එළිය විහිදුවන
හිමි නුඹ හිරුමය පුත නුඹ සඳු මට
ප්‍රේමිය වෙමි මම දෙදෙනා අභියස
අත හරුනත් ඉඳහිට නුඹ හින්දා
මඟ හැරුනේ නෑ ජීවිතේ
අරුත නුඹයි දිවියට ගෙනදුන්නේ සැමදා
අතිනත ගෙන ඔහු හා මා
පියමං කල මංමාවත් අතරින්
ඔහු හා මා අත් නුඹෙ අත් පටලන්
සවිය නුඹයි දිවියට ගෙන දුන්නේ සැමදා
විකසිත හිරු ආලෝකය දුන් දිවියට
පුන් සඳ වේ නුඹ එළිය විහිදුවන
හිමි නුඹ හිරුමය පුත නුඹ සඳු මට
ප්‍රේමිය වෙමි මම දෙදෙනා අභියස
No comments:
Post a Comment