Saturday, December 7, 2019

හිත අස්සෙ රිංගගෙන කොනිත්තන්නට එපා

ලියවෙන්නෙ නෑ කිසිත්
හදවතත් ගොලු වෙලා
කෑ ගසා හඬනු බැහැ
කඳුලු ගඟ වියලිලා
මම තවම දන්නෙ නෑ
මා ඔබේමද කියා
නුඹ තවම දන්නෙ නෑ
නුඹ මගේමයි කියා

මේ තරන් ප්‍රේමයක්
හිත තුලට පතුරුවා
නුඹ නොදන්නා නමුත්
හිතේ නුඹ ඉන්නවා
නුඹ ඉන්න තැන හිතේ
හැමදාම රිදෙනවා
හිත අස්සෙ රිංගගෙන
කොණිත්තන්නට එපා

ඒ රිදුම් රිදුනාට
රිදෙනකොට ලස්සනයි
නුඹෙන් මට ලැබෙන ඒ
වේදනාවත් සැපයි

ජීවිතේ පළක් වෙද
ආදරේ කරනු බැරි
ආදරේ පළක් වෙද
මේ තරන් දුකක් නැති

No comments:

Post a Comment