Sunday, December 8, 2019

ඔබ අභිමුව කුහුඹුවකුව

මුණගැහෙන තුරු ඔබ
සිතා සිටියෙමි මම
කිසිම දේකින් නොසැලෙන
ශක්තියක් මට හිමි බැව්

හඬා වැලපෙන තරමට
බියෙන් තැතිගෙන මා සිත
ඔබේ සෙනෙහෙ අභිමුව
කුහුඹුවකු වී ඇති හැටි

No comments:

Post a Comment