Monday, December 9, 2019

සිහිනයට පෙර දකින සිහින

අත දිග නැතත් නුඹ බඳ වට       දැවටෙන්න
පිං මද වුනත් නිරතුරු නුඹ දැක          ගන්න
නුඹ සිත් වුනත් මාගෙන් ඈතට            යන්න
නුඹට බැඳුනු සිත මට බැහැ          වලකන්න

හදවත ගැහෙනවා වේගෙන් නුඹ     නැතිවා
සීතල සුළං නුඹ සතුටින් ඇති              කිව්වා
ඉකිබිඳ අඬන්නත් බැහැ කඳුලුත්      නැතිවා
මූසල රැයක කළුවර මගෙ තනි        මැකුවා

බෝඩිං බිත්තියේ මං නුඹෙ රුව           ඇන්දා
හීනෙන් වගේ කම්මුල් නුඹෙ සිප        ගත්තා
මොහොතින් නුඹේ මුව නුඹ අහකට  ගත්තා
කඳුලක් දිලිහෙනව හඳ එලියට          දැක්කා

No comments:

Post a Comment