Sunday, January 24, 2021

අතින් අත නොගෑවෙන තරමට

ගතින් හරි දුරින් අපි       හිටියට

සිතින් සිත එක් වෙලා    හරියට

ආදරය දැනෙන්නෙම      පපුවට

Sunday, January 17, 2021

උකුලු මුකුළු විහිලු කරන් නුඹ හිනැහෙන විටෙක

රිදුනු ඉරුණු හිතලු සැනින් අමතක වන මතක

නිහඬ නිසල සසල සිතින් නුඹ සැඟවෙන දිනක

තැවෙන දැවෙන හඬන තරම ගිලී කඳුලු විලක

Thursday, January 14, 2021

මතක


 සයුරු සංකල්ප කියල සහෝදරයෙක් මේ පින්තූරය පුංචි සටහනක් එක්ක මුහුණු පොතට එක්ක කරල තිබ්බ. ඒ පින්තූරය ටිකක්  විකාර පාටයි. හැබැයි කතාව හරිම අමුතුයි. සයුරුට කොෆී ෂොප් එකකදි හමුවෙනවා විදේශීය තරණියක්. මේ ඇයගේ මතක එකතුවක්. කොෆී ශොප් එකේ බිල් එක, ශුගර් පැකට්, කොෆී එකේ අන්තිම බින්දු කීපය වගේ දවසේ මතක මේ පොතේ එකතු වෙනවා. කිසිම වටිනාකමක් නොදී අපි හැමෝම විසිකරල දාල එන දේවල් ඒ තරුණිය ඉමහත් ආසාවෙන් එකතු කරනවා. ඒවට ලොකු වටිනාකමක් දෙනවා. සමහර විට නැවත නැවත පෙරලල බලනව ඇති. මේ මතක දිවි දෙවෙනි කොට පරිස්සන් කරනවා ඇති. හරියට අර දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයෙ දිනිති එයාගෙ මග් එක කැබිනට් එකෙන් අරගෙන සැරෙන් සැරේ බලනවා වගේ මේක පෙරලනවා ඇති. ඒ පෙරලනකොට ජීවිතය අතීතයට පියාඹනව ඇති. ඒ මතක එකින් එක ආයෙ මුණ ගැහෙනවා ඇති. පරන බස් ටිකක් එකකට, පරන ෆිල්ම් ටිකට් එකකට විතරක් නෙවේ පරන කුණු ගෑවිච්ච ටිශූ එකකට උනත් මතක අතරතනි වෙච්ච කෙනෙක්ගෙ තනි රකින්න පුලුවන් ඇති. ඒ සිහිවටනත් එක්ක අතීත මතක තමන් යන තැනින් තැනට තමන් එක්කම එනවා ඇති. ❤️ 


දිනුෂ ජයසිංහ

14.01.2021

පොකුරු පොකුරු මල් සුවඳින් පිරුණු මගක් නැතත්

හිතට නුහුරු නැති කර්කෂ රළු මාවත     සැපක්

අගුලු වැටුණු ආදරයක පහස විඳිමි           මමත්

නුඹට පසෙක අත් අල්ලාගෙන යන්නට   නැතත්

Sunday, January 10, 2021


 


නමුත්....ආදරය දැනීමම වේදනාවකි. පොඩ්ඩක් හරි වැඩියෙන් වේදනාව දැනීම ඊටත් වඩා වේදනාවකි. අගක් මුලක් නැත. වටහා ගැනීමට උත්සාහ කිරීමද නිශ්ඵලය......
 

Friday, January 8, 2021

ජීවිතේ දුක්බරම මොහොතක

ළගින් හිඳ මගේ සිත නිවන්නට

තරම්වත් නුඹ අහිමි  විට මා හට

කඳුලකට පුළුවනිද නෑවිදින් නවතින්න


තුරුලු වී සෙනෙහසින් සනසන්න

ආදරය සුසුමකට පෙරලන්න

ප්‍රේමයෙන් සෝ සුසුම් පරදන්න

කවදාද නුඹ එන්නෙ ලඟ ඉන්න

Thursday, January 7, 2021

මිනිසුන් ජීවිතය ජයග්‍රහණය කල යුතුය. ඒ සඳහා වෙහෙසිය යුතුය. බලාපොරොත්තු සහගත විය යුතුය. අරමුණු තිබිය යුතුය. ඒ අතරම නිසි වේලාව පැමිණිය යුතුය. තමන් කැමති දේ තමන්ට ලැබෙන්නේ ලැබිය යුතුම අවස්ථාවේදීය. තමන් ආදරය කරන ආසා කරන දේ ප්‍රමාද වී ලැබී ඇති බව එවන් විටෙක සිතෙනු ඇත. ඒ දිනය එනතෙක් තමට ඒ දෙය නොලැබීම ගැන දුක් සිතීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. නමුත් කිසිම දෙයක් නොලැබීම ගැන දුක් විය යුතු නැත. ඒ ජීවිතයේ ලැබෙන එක් අවස්ථාවක් පමණි. ජීවිතය යනු අවස්තාවන් රැසක එකතුවකි. තමන්ගේ වාරය අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. ප්‍රමාදයන් එතරම් තැකිය යුතු නැත. පසුතැවිලි විය යුත්තේ එවන් දේට කිසිදු උත්සාහයක් නොගෙන බලන් සිටියානන් පමණි. අවශ්‍ය ප්‍රමණයට මහන්සි වී ජයග්‍රහණයක් නොලැබීම දුක් වීමට කරුණක් නොවේ. එවන් අවස්ථාවන් ජීවිතයට පන්නරයකි. අත්දැකීමකි. වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාවකි. ජීවිතයේ අතිශය අමාරු අවස්ථා වලට මුහුණ දීමට සිදුනොවේයැයි කිසිවෙකුට අනාවැකි පලකල නොහැක. මුණ ගැහෙන සුළු හැල හැප්පීම් එවන් තත්ත්වයන්ට  මුහුණ දීමට පන්නරයන් සේ සැලකිය යුතුය. ජීවිත හරි අමුතුය. එසේ කියා බලාපොරොත්තු අත් හැර ගැනීම සිදු කල යුතු නැත. අවස්ථාවන් එලඹෙනු ඇත. අරමුණ කිසිදා වෙනස් කර ගත යුතු නැත. 

...... .....

Wednesday, January 6, 2021

සතුටු බව පෙන්වීමට වෙහෙසෙමි

දුක බව නොපෙන්වා ඉන්නට වෙහෙසෙමි

විසල් වෙහෙසකින් වෙසෙමි

නුඹ තුටින් බව දනිමි

Sunday, January 3, 2021

නුඹ

සිහිනයක හිනැහෙන සනසන

සැබෑවට හඬවන          රිදවන

සිනාවක ප්‍රේමය          වෑහෙන

සිනහව රිදුම               කැන්දන

Friday, January 1, 2021

සවන සිසාරා රැවු දෙයි නුබේ මිහිරි             වදන්

උවන නොදුටු දා හැඬුවේ උවන කඳුලු          දරන්

කෙටි පණිවිඩයක කැටි කල රුදුරු මිහිරි යෙදුම්

රිදව රිදව පාරන හැටි දන්නවාද                 කියන්



Ignorance hurts a lot.....

 


කිසිම කෙනෙකුට

කිසිම දවසක

පතමි නොලැබෙන්නට

මේ වගේ ආදරයක්

බර කඳුලු නෙත් තෙමන රිදවන

නිදි නැතුව දින ගණන් ළතැවෙන

දුරස් වන බැව් දැනෙන මොහොතක

ජීවිතේ නොවටිනා ලෙස දැනෙන

කිසිම දවසක කිසිම කෙනෙකුට

එපා මෙතරම් පෙළන ආදරයක්

 සුභ අලුත් අවුරුද්දක් වේවා........

...... ..... ❤️