මිනිසුන් ජීවිතය ජයග්‍රහණය කල යුතුය. ඒ සඳහා වෙහෙසිය යුතුය. බලාපොරොත්තු සහගත විය යුතුය. අරමුණු තිබිය යුතුය. ඒ අතරම නිසි වේලාව පැමිණිය යුතුය. තමන් කැමති දේ තමන්ට ලැබෙන්නේ ලැබිය යුතුම අවස්ථාවේදීය. තමන් ආදරය කරන ආසා කරන දේ ප්‍රමාද වී ලැබී ඇති බව එවන් විටෙක සිතෙනු ඇත. ඒ දිනය එනතෙක් තමට ඒ දෙය නොලැබීම ගැන දුක් සිතීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. නමුත් කිසිම දෙයක් නොලැබීම ගැන දුක් විය යුතු නැත. ඒ ජීවිතයේ ලැබෙන එක් අවස්ථාවක් පමණි. ජීවිතය යනු අවස්තාවන් රැසක එකතුවකි. තමන්ගේ වාරය අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. ප්‍රමාදයන් එතරම් තැකිය යුතු නැත. පසුතැවිලි විය යුත්තේ එවන් දේට කිසිදු උත්සාහයක් නොගෙන බලන් සිටියානන් පමණි. අවශ්‍ය ප්‍රමණයට මහන්සි වී ජයග්‍රහණයක් නොලැබීම දුක් වීමට කරුණක් නොවේ. එවන් අවස්ථාවන් ජීවිතයට පන්නරයකි. අත්දැකීමකි. වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාවකි. ජීවිතයේ අතිශය අමාරු අවස්ථා වලට මුහුණ දීමට සිදුනොවේයැයි කිසිවෙකුට අනාවැකි පලකල නොහැක. මුණ ගැහෙන සුළු හැල හැප්පීම් එවන් තත්ත්වයන්ට මුහුණ දීමට පන්නරයන් සේ සැලකිය යුතුය. ජීවිත හරි අමුතුය. එසේ කියා බලාපොරොත්තු අත් හැර ගැනීම සිදු කල යුතු නැත. අවස්ථාවන් එලඹෙනු ඇත. අරමුණ කිසිදා වෙනස් කර ගත යුතු නැත.
...... .....
No comments:
Post a Comment