Thursday, January 14, 2021

මතක


 සයුරු සංකල්ප කියල සහෝදරයෙක් මේ පින්තූරය පුංචි සටහනක් එක්ක මුහුණු පොතට එක්ක කරල තිබ්බ. ඒ පින්තූරය ටිකක්  විකාර පාටයි. හැබැයි කතාව හරිම අමුතුයි. සයුරුට කොෆී ෂොප් එකකදි හමුවෙනවා විදේශීය තරණියක්. මේ ඇයගේ මතක එකතුවක්. කොෆී ශොප් එකේ බිල් එක, ශුගර් පැකට්, කොෆී එකේ අන්තිම බින්දු කීපය වගේ දවසේ මතක මේ පොතේ එකතු වෙනවා. කිසිම වටිනාකමක් නොදී අපි හැමෝම විසිකරල දාල එන දේවල් ඒ තරුණිය ඉමහත් ආසාවෙන් එකතු කරනවා. ඒවට ලොකු වටිනාකමක් දෙනවා. සමහර විට නැවත නැවත පෙරලල බලනව ඇති. මේ මතක දිවි දෙවෙනි කොට පරිස්සන් කරනවා ඇති. හරියට අර දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයෙ දිනිති එයාගෙ මග් එක කැබිනට් එකෙන් අරගෙන සැරෙන් සැරේ බලනවා වගේ මේක පෙරලනවා ඇති. ඒ පෙරලනකොට ජීවිතය අතීතයට පියාඹනව ඇති. ඒ මතක එකින් එක ආයෙ මුණ ගැහෙනවා ඇති. පරන බස් ටිකක් එකකට, පරන ෆිල්ම් ටිකට් එකකට විතරක් නෙවේ පරන කුණු ගෑවිච්ච ටිශූ එකකට උනත් මතක අතරතනි වෙච්ච කෙනෙක්ගෙ තනි රකින්න පුලුවන් ඇති. ඒ සිහිවටනත් එක්ක අතීත මතක තමන් යන තැනින් තැනට තමන් එක්කම එනවා ඇති. ❤️ 


දිනුෂ ජයසිංහ

14.01.2021

No comments:

Post a Comment