ජීවිතේ දුක්බරම මොහොතක
ළගින් හිඳ මගේ සිත නිවන්නට
තරම්වත් නුඹ අහිමි විට මා හට
කඳුලකට පුළුවනිද නෑවිදින් නවතින්න
තුරුලු වී සෙනෙහසින් සනසන්න
ආදරය සුසුමකට පෙරලන්න
ප්‍රේමයෙන් සෝ සුසුම් පරදන්න
කවදාද නුඹ එන්නෙ ලඟ ඉන්න
No comments:
Post a Comment