Friday, May 28, 2021

 දැන් ඔය යූ ටියුබ් චැනල් වලට "වීර" කාන්තාවො ඇවිත් සුවාධීන වෙනවා ගගා වැළලෙන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවනෙ.


ඉතින් මොකෝ.... සුවාධීන බැරිනන් ඕනෙ ඉටිගෙඩියක් වුනා කියල අපිට පාං ද? සුවාධීන හරි ජාතික හරි ඒත් බැරිනන් ටීයෙන්නෙල් හරි කමක් නෑ ඒක කිය කිය වැළලෙන්න තියා ගන්නෙ නැතුව ඕනෙ එකක්. 


හැබැයි අමතක කරන්න එපා, තාමත් මේ ලෝකෙ ඕනෙ තරම් ආදරණීය ගෑණු ඉන්නවා, පිරිමියෙක්ගෙ ආදරේට පෙරේත, පිරිමියෙක්ගෙ රැකවරණය මහමෙරක් වගේ බලාපොරොත්තු වෙන, ඒ ආදරය රැකවරණය විඳිනව කියන එක ලැජ්ජ වෙන්න ඕනෙ දෙයක් නෙවේ කියල හිතන.


ඒ සුන්දර ආදරණීය ගෑණු, ලෝකෙට වීරවරියො නොවුනට පිරිමි හිත් අස්සෙ වීරවරියො ❤️

~දිනූෂ

Monday, May 24, 2021

ඇටෙන්ෂන් ඕනෙ විට

ඔන්න ඔහෙ බොරුවට හරි

හිතෙන්නෙම කියන්න

උණ වගේ

ඔලුවත් රිදෙනවනෙ

ඒත් ඉතින්

නපුරුයිනෙ

Monday, May 17, 2021

හැමදාම දුරින් ඉඳ

ආදරේ විඳපු මට

මීටරේ දුර රැකන්

ඉන්න බැරි නෑ මැණික

නුඹ මා වෙන් කර තබන සීමාව නොදනිමි

නුඹ සිටින බවවත් නොදැක 

දිනක් ගෙවනු කෙලෙසදැයි මා නොදනිමි

නුඹ මා වෙන් කරන වාරයක් පාසා

නුඹ සොයා දිව එන්නට සිත කියයි

තැවෙමින් දැවෙමින් නුඹවම සොයන්නට සිත කියයි

Sunday, May 16, 2021

හැමදාම ලඟින් හිඳ

හිනැහෙන්න ඇත්නම්

මතකයට එන විටම

දකින්නට ඇත්නම්

රිදෙන විට පපුව, නුඹ

ලඟ රැඳෙනු හැකිනම්

සැනසීම මේ යැයි

නුඹ දන්නවා නම්

Friday, May 14, 2021

මේ හිරිගඩු පිපෙන

හීතල රාත්‍රිය

නුඹවම සිහිගන්වමින්


නොතේරෙන එක දෙයක් 

රිදවනවාද සනසනවාද

සැරිසරමින් නුඹ 

ඔබමොබ මා සිත ලඟ


ලං වෙන්න සිපගන්න

වැලඳ නුඹ සනසන්න

ඉඩක් මට නැතුවාට

නුඹ නොවෙද ආදරය

Thursday, May 13, 2021


මුණගැහෙන්නෙ එන්නෙ කොහොමද

ඉතින්,

ආයෙ මුණ්ගැහෙන දවසක් එනකන් පරිස්සමින් සතුටින් ඉන්න ❤️

...... .....

Tuesday, May 11, 2021

ආදරය මේ යැයි රිදවමින් සනසමින් කියා දෙන්නී

සිනාවට කඳුලටද නුඹ තමයි සෑමදා හේතු වන්නී

සිනා සෙන මොහොතකට ලොවම අමතක කරවන්නී

හිතන්නෙත් කොහොමද නුඹ නැති දිනක් හිතවන්තී

Saturday, May 8, 2021

ජීවිතයේ හීනෙකින්වත් අපිට ආදරේ කරන්නෙ නැති අය වෙනුවෙන් සුළු හෝ කැපකිරීම් කිරීම අතිශය අමනෝඥ ක්‍රියාවක් බව තේරෙන්නේ බොහෝ කලක් ගිය පසුය. ඊට වඩා තමන් වෙනුවෙන්, තමන් ආදරේ කරන මිනිසුන් වෙනුවෙන් සතුටින් ජීවත් විය යුතුය. තමන් කැමති දේ කළ යුතුය. එය තෝරා ගැනීමකි. තෝරා ගැනීම තමන් සතුය. තමන්ට ටිකක් හෝ ආදරේ කරන අය වෙනුවෙන් කිසිදු බලාපොරොත්තුවක් නැතුවම වුව ජීවත්වීම හිතට සහනයකි.


දිනූෂ

08.05.2021



නමක් නැති සුවඳ ඔබ සිත උතුරන

නිමක් නැති රිදුම ඔබ සිත දවන


කෝල කොමල පිළි අඳුරේ සඟවා

රොන් මධු සිහිනේ මා සතපා

උණුසුම් සිහිලෙන් රත් කොපුල් තෙමේ

නමක් නැති සුවඳ ඉතිරි වේ


කොඳ මල් පිපුණු සඳ දිය වතුරේ

කඩුපුල් විසිරුණු පලසේ

පිණිමල් ඉසිලන හීතල පවනේ 

නමක් නැති සුවඳ ඉතිරි වේ

පද : දිමුතු

සංගීතය : දුලීක කෝදාගොඩ

My next song. Most probably this will be recorded tomorrow. 



Thursday, May 6, 2021

ආදරය

බයික් එකේ ගියේ....

තෙමිලත් ඇති....❤️

Monday, May 3, 2021


මේ දවස්වල වහින වැස්සත්

හරියටම නුඹ වගේමයි

නොකියාම එක් වරම ඇවිදින්

නොසිතනා ලෙස නිහඬ වෙයි

කෂ්ඨක පොළොවකට වැහිබිඳු

සිසිල උණුහුම අරන් එයි

නොකියාම නුඹ නිහඬ වූ විට

හිත සොවින් මිරිකී තැවෙයි

හීං හිරිකඩ කවුලුවෙන් විත්

නුඹව සිහිකර සිනාසෙයි

කවුළු දොරගුළුලා සිරගතව

නුඹ සොයා සිත වෙහෙස වෙයි