දිනූෂ/2015.04.27
Tuesday, April 27, 2021
Monday, April 26, 2021
කවදාවත් තමන් ආදරේ කරන කෙනාට ආදරෙයි කියල කියන්න දෙපාරක් හිතන්න එපා.
ටෙලිෆෝන් රිසීවරේ ඒක ලියලා තියා ගන්න බැරි වෙයි. ඒත් ඒක හිතේ ලියා ගන්න පුළුවන්.
ජීවිතේ මේ වෙනකන් විවිධ කාල වල කවුරු ජීවිතේට ඇවිත් වෙන්වෙලා ගිහින් තිබුණත්, ඔයාට තරන් ආදරේ කියන දේ වචනයෙන් කියල නෑ කාටවත්. සමහර විට ඔයත් මගෙන් තරන් ඒ වචනෙ කාගෙන්වත් අහල නැතුව ඇති.
කොච්චර ආදරේවුනත්, කොච්චර ආදරේ බව කීවත්, කොච්චර ආදරේ බව ඇහුවත්, අපි ඉන්නෙ දෙතැනක.
ආදරේ නාමයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි තරන් ඈතක. එක අතකින් ඒ නිසාම වෙන්න ඇති මෙච්චර ඒ බැඳීම හයිය වෙලා තියෙන්නෙත්.
ආදරේ හිලව්වට වෙන කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන තැන ඒ ආදරේ ආදරේම විතරයි. වෙන හංගපු දේවල් නෑ.
මොනා උනත් ආදරේ කරනකොට කරදරයක් වෙන ගානට දැනෙන්න ආදරේ කරන්න ඕනෙ. මම කැමතියි මෙහෙම ඈත ඉඳන් වද දෙන්න. මට ඕනෙ දේවල් කර ගන්න. ඒ දේවල් වලින් වෙන්නෙ හොඳක් නෙ.
මගේ ආදරේ හැටි තමයි ඒ. ❤️
Wednesday, April 21, 2021
ඔහේ ලියවෙන දේවල්....
මම දන්නෙ නෑ තේරෙනවද කියල. ඒත් ඔය හැම වෙලාවෙම කරදරයක් වෙන ගානට හොයන එක, පරිස්සන් කරන එක, තරහ යන එක, උපදෙස් දෙන එක, කෑ ගහන එක පිටිපස්සෙ මොකක් හරි අමුතු බැඳීමක් තියෙනව ඇති කියල මට හිතෙනවා.
ඒ දේවල් වලට කැමති උනත් අකමැති උනත් දැන් ඒ දේවල් නොකර ඉන්න බැරි ගානට පුරුදු වෙලා. මොකක් හරි සංසාරික බැඳීමක් නිසා ඒ දේ වෙනවා ඇති. වෙන කවුරු නැතත් මම ඒක ආදරේ කියල හිතාගෙන ඉන්නවා ඇති....
ඒ දේ හරි උනත් වැරදි උනත් අපි කවුරුත් පිළිගන්නවනෙ ආදරේ මිනිස්සුන්ව එක මොහොතක් හරි ජීවත් කරවනවා කියල.
ඔව්...ඔව්... සමහර වෙලාවට මැරි මැරී ජීවත් කරවනවා තමයි.
ඉතින් කොහොම හරි එහෙම වෙනවනෙ. ඉතින් අර මුළින් කියපු දේවලුත් එහෙම ජීවිතේ ඉස්සරහට අරන් යන්න, ජීවිතේ ජීවත් කරන්න උදවු කරන නිසා ඒ තේරුන් ගත්ත විදිහ සම්පූර්ණයෙන්ම වැරදි වෙන්නත් බෑනෙ.
එක බින්දුවක ඉරිසියාවක් දැනෙන්නෙ නැතුව මුලු හදවතින්ම හැම දෙයක්ම හරි යන්න කියල හිතන්න එහෙම ආදරයක් නැති කෙනෙක්ට පුලුවන් ද? අනික් එක, ඒ සමහර දේවල් ඒ ආදරේට බාධාවක් උනත් වෙන්න පුලුවන් දේවල් කියල දැන දැනම එහෙම කරන්න හිතෙන්නෙ.....එහෙම කරල තියෙන්නෙ.....ඉතින් කවුරු කොහොම කිව්වත් එතන තියෙන්නෙ ආදරේ තමයි.
එහෙම නෑ කියල හිතෙන්න පුළුවන් මහ නපුරෙක්ට. ඒ නිසා එහෙම හිතුනනන් තමන් කොහොම කෙනෙක්ද කියල හිතා ගන්න පුළුවන්නෙ. ඒ වගේම එහෙම හිතුනෙ නැත්නන්.....ඒ ගැන වැඩිය හිතන්න එපා.....
මට මගෙ හිතේ තියෙන දේ හරියට කියා ගන්න, ලියා ගන්න බෑ. නිකන් මාව හිර වෙලා වගේ දැනෙනවා.
ඒකට කමක් නෑ. ඒත් හිතේ තියෙන ආදරේ හරි වෙන මොකක් හරි හැඟීමක් හිත ඇතුලෙ හිර කරගෙන ඉන්න එක ලේසි නෑ. මම හැම වෙලාවෙම ආදරේ කියන එක කියන්නෙ ඒකයි. මහ ආත්මාර්තකාමී අදහසක් උනත්, ඒකෙන් මගේ හිත ගොඩක් නිදහස් වෙනවා.
මිනිස්සු ආදරේ කරන්න ඕනෙ කිසි දෙයක් බලාපොරොත්තු නොවී කියන එක ඇත්ත. ඒත් ඒක ටිකක් වෙනස් කරන්නන්. ඒකත් ආත්මාර්තකාමී ඇති. මිනිස්සු ආදරේ කරන්න ඕනෙ ආදරේම විතරක් බලාපොරොත්තුවෙන්. වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන තැනක ආදරේ ටිකක් හරි අඩු වෙන එක වෙන්න පුලුවන් දෙයක්.
මෙහෙම හිතන්නකො. ඒ ආදරේ කරන කෙනා කරන මොකක් හරි උදව්වකට, එහෙම නැත්නන් එයාගෙන් ලැබෙන වෙන මොනවා හරි දේකට ආදරේ කරනවා කියලා. ඒ ලැබෙන දේ ටිකක් හරි අඩු වෙනකොට ආදරෙත් අඩු වෙන්න පුළුවන්. මේ කියන්නෙ අර ආදරේ අඩු වෙනකොට තරහ යන එක ගැනනන් නෙවේ. මේ කියන්නෙ ආදරේ එක්ක හරි ඊට බාහිරව හරි ලැබෙන වෙන දේවල් ගැන.
ඉතින් ඒ නිසා කවුරු හරි කාට හරි ආදරේ විතරක් බලාගෙන ආදරේ කරනවනන්, කවුරු හරි කාගෙන් හරි එහෙම ආදරයක් ලබනවනන්, ඒ තරන් දෙයක් තවත් තියෙන්න පුළුවන්ද?
ඉතින් මේ එකකට එකක් සම්බන්ධයක් නැති විකාර ලියවිල්ල මොකද්ද කියල හිතන්න එපා. මේ මට හිතෙන දේවල්. මට දෙන්න පුළුවන් දේවල්......
...... .....
දිනූෂ ❤️
Tuesday, April 20, 2021
❤️
ජීවිතේ සමහර දවස්
හරි සතුටුම සතුටු දවස්
මහ මෙරක් වගේ
බර තෑගි ලැබුණ දවස්
දුක් වේදනා උනත්
සතුටට හැරුණු දවස්
"හෙටටත්" වඩා "අද"
සතුටු හිතෙන දවස්
ලස්සනම ලස්සන දකිනකොට
ලෝකෙම අමතක වන දවස්
බදාගෙන පපුවටම
ආදරේ කරන්න හිතෙන දවස්
වෙන මොන දේටත් වඩා
ආදරේම ඉතිරෙන දවස්
❤️ මගෙන්
Sunday, April 18, 2021
Saturday, April 17, 2021
Friday, April 16, 2021
මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න නරකයි
පොඩ්ඩක් පේන්න නැති කොට
කට හඬ නෑහෙන කොට
හිනාව දකින්න නැති කොට
රැකවරණය අවධානය නැති කොට
ජීවිතේට දැනෙන්නෙ මහ පුදුම හිස් කමක්
ඒ අහිමි වීම ලොකු කාලෙකට නොවුනත්
පැයකට දෙකකට උනත්
වේදනාවෙ වෙනසක් නෑ
ඇබ්බැහි උනාම එහෙමයි
ඒකට උත්තරත් නෑ.......
ඒත් ඇබ්බැහි වෙලානන් ඒකෙන් එලියට එන්න දඟලන එකත් නරකයි
Thursday, April 15, 2021
Wednesday, April 14, 2021
Tuesday, April 13, 2021
Sunday, April 11, 2021
මම නුඹට ඇබ්බැහි වී ඇත
තවත් මනුශ්‍යයෙකුට හෝ ගැහැණියකට
ඇබ්බැහිවීම තරම්
මිදෙනු නොහැකි ඇබ්බැහියක් තවත් ඇත්දැයි නොදනිමි
දවස පුරා දිවිය පුරා
නුඹ ගැන සිතමින් වෙහෙසෙමි
කිසිදා නුඹ හිමි නොවන බැව්
හොඳින්ම දන්නා නමුත්
දැන් බොහෝ ප්‍රමාද වී ඇත
මම නුඹට ආදරය කරමි
නුඹට නොතේරුනත්
සත්‍යය එයයි
නුඹ මගේ බැව් පමණක් සිතමි
ආදරය කරමි
නුඹ සොයා වෙහෙසෙමි
සුවෙන් සිටිනු ඇතැයි සිතමි
ආදරේ බව පවසමි
Friday, April 9, 2021
Thursday, April 8, 2021
ඒ රුව භාවනාවක්
සිත නිවන ගීතිකාවක්
දකින දකින තැන ආදරය වැගිරෙන සිහිනයක දුටු සුරඟනක්
ප්‍රේම කතා කොතෙක්
දින දින එකතු වූවත්
ප්‍රේම නොකර ඉන්නට තනන මොහොතක්
තීව්‍ර කරන'යුරු නුඹ වෙත ඇති ස්නේහය
නුඹට කිසිදා නොතේරෙන එක පුදුමයක්
කෝල සිනහවක කැල්මෙන්
වචනයෙන් හෝ බැල්මෙන්
සලිත නොවුනොත් සිතක්
එය විය නොහැකි දෙයක්
ආදරය යනු ඔබමැයි
ඔබ ආදරයමැයි
සිනහවක වචනයක සඟවා
ආදරය රැගෙන එන හැටි පුදුමයි......