නොපෙනී යන හැටි
නොසිතූ මොහොතක
නොසිතූ විලසින්
දනිමි මා
ඒ නුඹ බැව් හඳුනමි....
නොසිතූ මොහොතක
නොසිතූ විලසින්
පෙනී සිටින නුඹ
ඇතිකරන්නේම තිගැස්මක්.....
වරින් වර නුඹ සොයා වෙහෙසෙමි
කඩින් කඩ නුඹ සිටින ඉසව්වට එමි
ඉතින් නුඹ කොහේදැයි විමසමි
සිතින් නුඹ සුවෙන් බව ම'සිතමි
No comments:
Post a Comment