නුඹ සුවෙන් සුරැකිම තැනක බැව්
හොඳින් දැන සිටිනා නමුත්
නුඹ සොයා සිත වෙහෙසෙනා එක
පුරුද්දක් වී තව තවත්
බිඳක්වත් නුඹ ගැන තොරතුරක්
දකින්නට දිනකට වරක්
මග බලා සිටිනා එකත් දැන්
අත්හැරෙනු නැති පුරුද්දක්
No comments:
Post a Comment