ඈත පෙනෙනා තරුවක් නුඹ කියා සිතමී
ඒ තරුව දෙස බලමින් නුඹ සමග දොඩමී
පිරුණු සඳ ඇති දාක නුඹ සොයමි තැවෙමී
කළු වළාවක සැඟවී නුඹ හිඳින වග දනිමී
දුරක සිට තරුවක් වෙලාවත් පෙනෙන දුරකින් ඉන්න
වලාතිර 'තර කිසිම දවසක සැඟවිලා නොම යන්න
ලඟින් හිඳ කොඳුරලා නුඹහට ආදරේ පවසන්න
ඇවිත් යන්නට නොහැකි මුත්, මේ ආදරය අරගන්න
No comments:
Post a Comment