මම දන්නෙ නෑ තේරෙනවද කියල. ඒත් ඔය හැම වෙලාවෙම කරදරයක් වෙන ගානට හොයන එක, පරිස්සන් කරන එක, තරහ යන එක, උපදෙස් දෙන එක, කෑ ගහන එක පිටිපස්සෙ මොකක් හරි අමුතු බැඳීමක් තියෙනව ඇති කියල මට හිතෙනවා.
ඒ දේවල් වලට කැමති උනත් අකමැති උනත් දැන් ඒ දේවල් නොකර ඉන්න බැරි ගානට පුරුදු වෙලා. මොකක් හරි සංසාරික බැඳීමක් නිසා ඒ දේ වෙනවා ඇති. වෙන කවුරු නැතත් මම ඒක ආදරේ කියල හිතාගෙන ඉන්නවා ඇති....
ඒ දේ හරි උනත් වැරදි උනත් අපි කවුරුත් පිළිගන්නවනෙ ආදරේ මිනිස්සුන්ව එක මොහොතක් හරි ජීවත් කරවනවා කියල.
ඔව්...ඔව්... සමහර වෙලාවට මැරි මැරී ජීවත් කරවනවා තමයි.
ඉතින් කොහොම හරි එහෙම වෙනවනෙ. ඉතින් අර මුළින් කියපු දේවලුත් එහෙම ජීවිතේ ඉස්සරහට අරන් යන්න, ජීවිතේ ජීවත් කරන්න උදවු කරන නිසා ඒ තේරුන් ගත්ත විදිහ සම්පූර්ණයෙන්ම වැරදි වෙන්නත් බෑනෙ.
එක බින්දුවක ඉරිසියාවක් දැනෙන්නෙ නැතුව මුලු හදවතින්ම හැම දෙයක්ම හරි යන්න කියල හිතන්න එහෙම ආදරයක් නැති කෙනෙක්ට පුලුවන් ද? අනික් එක, ඒ සමහර දේවල් ඒ ආදරේට බාධාවක් උනත් වෙන්න පුලුවන් දේවල් කියල දැන දැනම එහෙම කරන්න හිතෙන්නෙ.....එහෙම කරල තියෙන්නෙ.....ඉතින් කවුරු කොහොම කිව්වත් එතන තියෙන්නෙ ආදරේ තමයි.
එහෙම නෑ කියල හිතෙන්න පුළුවන් මහ නපුරෙක්ට. ඒ නිසා එහෙම හිතුනනන් තමන් කොහොම කෙනෙක්ද කියල හිතා ගන්න පුළුවන්නෙ. ඒ වගේම එහෙම හිතුනෙ නැත්නන්.....ඒ ගැන වැඩිය හිතන්න එපා.....
මට මගෙ හිතේ තියෙන දේ හරියට කියා ගන්න, ලියා ගන්න බෑ. නිකන් මාව හිර වෙලා වගේ දැනෙනවා.
ඒකට කමක් නෑ. ඒත් හිතේ තියෙන ආදරේ හරි වෙන මොකක් හරි හැඟීමක් හිත ඇතුලෙ හිර කරගෙන ඉන්න එක ලේසි නෑ. මම හැම වෙලාවෙම ආදරේ කියන එක කියන්නෙ ඒකයි. මහ ආත්මාර්තකාමී අදහසක් උනත්, ඒකෙන් මගේ හිත ගොඩක් නිදහස් වෙනවා.
මිනිස්සු ආදරේ කරන්න ඕනෙ කිසි දෙයක් බලාපොරොත්තු නොවී කියන එක ඇත්ත. ඒත් ඒක ටිකක් වෙනස් කරන්නන්. ඒකත් ආත්මාර්තකාමී ඇති. මිනිස්සු ආදරේ කරන්න ඕනෙ ආදරේම විතරක් බලාපොරොත්තුවෙන්. වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන තැනක ආදරේ ටිකක් හරි අඩු වෙන එක වෙන්න පුලුවන් දෙයක්.
මෙහෙම හිතන්නකො. ඒ ආදරේ කරන කෙනා කරන මොකක් හරි උදව්වකට, එහෙම නැත්නන් එයාගෙන් ලැබෙන වෙන මොනවා හරි දේකට ආදරේ කරනවා කියලා. ඒ ලැබෙන දේ ටිකක් හරි අඩු වෙනකොට ආදරෙත් අඩු වෙන්න පුළුවන්. මේ කියන්නෙ අර ආදරේ අඩු වෙනකොට තරහ යන එක ගැනනන් නෙවේ. මේ කියන්නෙ ආදරේ එක්ක හරි ඊට බාහිරව හරි ලැබෙන වෙන දේවල් ගැන.
ඉතින් ඒ නිසා කවුරු හරි කාට හරි ආදරේ විතරක් බලාගෙන ආදරේ කරනවනන්, කවුරු හරි කාගෙන් හරි එහෙම ආදරයක් ලබනවනන්, ඒ තරන් දෙයක් තවත් තියෙන්න පුළුවන්ද?
ඉතින් මේ එකකට එකක් සම්බන්ධයක් නැති විකාර ලියවිල්ල මොකද්ද කියල හිතන්න එපා. මේ මට හිතෙන දේවල්. මට දෙන්න පුළුවන් දේවල්......
...... .....
දිනූෂ ❤️
No comments:
Post a Comment