කෝළ දෑසක සුන්දර
දුරින් හිඳ විඳිනු මිස ඉඳහිට
අහිමි නුඹ හිමි වන
දිනයක් නොමැත කිසි දින
ආදර වදන් ඉඳ හිට
සවන් සනාසාලනු මිස
නුඹෙ සුසුම් උණුහුම
පතන්නේවත් කෙළෙසද
ආදරය ලැබෙන නොලැබෙන
මහමෙරක් නුඹ තරම්ම
මතු ආත්මෙකවත් වෙනවද
මගේ ලඟ මගේ සඳ නුඹ
No comments:
Post a Comment