බලා සිටිනෙමි නිදි නොමැදි රෑ
නුඹෙන් වදනක් අසන්නට හෝ
සුන්ව ගිය මුත් පැතුම් නැවතත්
තවම මම මග බලා ගෙන ඉමි
සතුට නුඹ මිස වෙන කුමක්වෙද
සුවැති නැති මුත් දෑස් පිය වෙන
නුඹ නැමති ඖෂධ නොමැති දින
සුවැති දිවියක් කෙලෙස ලබනෙම්
No comments:
Post a Comment