Thursday, August 27, 2020

හඳ පලුව දෙස බලා හිනැහෙන්න

 

සොඳුර,
මදක් කවුළුවෙන් එපිට බලන්න
අන්දකාරය කපාගෙන
තනිව හිනැහෙන හඳ පලුව දුටුවාද
ඒ දෙස බලා හිනැහෙන්න.......
සඳ එළිය මදක් තීව්‍ර වී දුටිමි
එනයින් හඳ පළුවෙන්  🌙  නුඹව දකිමි
නුඹ හා හිනැහෙමි.......
ලං වෙන්න බැරි දුර ඈත තැනක
දොරගුළු දැමූ අන්සතු පුංචි කුටියක සිට
හිනැහෙන නුඹව දකිමි.......
වේදනාවෙන් හිනැහෙන හඬමින් ප්‍රීතිවෙන
මගේ ජීවිතයට පණක් ලබමි........

දිනූෂ
2020.08.27
කිලිනොච්චියේ දී

No comments:

Post a Comment