ඒක මහ පුදුම හැඟීමක්
ඒ වචන මහ පුදුම වේදනවක්
නින්ද නොකැඳවන
රෑ පුරා බියවී හඬන්නට සිත්දෙන
නුඹ නොමැති ලෝකයක්
නුඹෙත් තොර ජීවිතයක්
සිතා ගනු නොහැකිව
දරා ගනු නොහැකිව
රෑ පුරා ඉකි බිඳින සිතැතිව
වේදනාවෙන් මිය යන හැඟීමක්
ඉකි බිඳුම් සිර කරන්
වේදනාවෙන් ටිකෙන් ටික
මියෑදෙන තරම් වන හැඟීමක්
නුඹ නොමැති දාක මා
ජීවයක් නැති ජීවියෙක්.....
No comments:
Post a Comment