තමන් ආදරේ කරන කෙනාව පරිස්සන් කරන එක තරන් වගකීමක් පිරිමියෙක්ට තවත් නැතුව ඇති. ආදරය උනත් ඊට පිටිපස්සෙන් ඇත්තෙ......
කොච්චර ස්ත්‍රීවාදී කාන්තාවකට උනත් තමන් ආදරේ කරන, විශ්වාසවන්ත පිරිමියෙක් ළඟ ඉන්නවනන් විශාල සහනයක්, නිදහසක් දැනෙනවා කියන එක බොරු කියන්න අමාරුයි......
ඒ වගේම තමයි ඒකෙ අනික් පැත්තත්. තමන් ආදරේ කරන කෙනාව ආරක්ෂා කරන්න තමන්ට අතපසුවෙනවා කියන එක තරන් පිරිමියෙක්ට පසුතැවිලි වෙන්න තවත් හේතුවක් නැතුව ඇති. ඒ වෙලාවට දැනෙන්නෙ තමන් ජීවත් වෙන එකේ පළක් තියෙනවද වගේ මහ කාලකන්නි හැඟීමක්.......
තමන්ව විශ්වාස කරල තමන් ළඟ ඉන්න කෙනාව, තමන්ට ආදරේ කරන කෙනාව, තමන් ආදරේ කරන කෙනාව ආරක්ෂා කරගන්න බැරි වෙනවට වඩා එහෙම වෙන එක හොඳයි තමයි.....
එතකොට නොපෙනී ඉන්න ආත්මයක් වෙලා හරි ඒ ආරක්ෂාව දෙන්න පුලුවන් වෙයි කියල සීයට දශමයක හරි බලාපොරොත්තුවක් තියෙනවනෙ......
දිනූෂ
04.08.2020
No comments:
Post a Comment