Sunday, August 9, 2020

 "ප්‍රේමයක් පැමිණෙන්නේ අනෙකාට ගෞරව කරනවායැයි හදවතින් තබන ගිවිසුම සමග ය. ප්‍රේමයක් පැමිණෙන්නේ එකිනෙකාව දරාගන්නවා යැයි,  එකිනෙකා වෙනුවෙන් ලෝකයක් ඉදිරියේ පෙනී සිටිනවා යැයි යන පොරොන්දුව සමග ය. 


ප්‍රේමයක් පැමිණෙන්නේ නොරිද්දා රකිනවායැයි යන සපථ කිරීම සමග ය. ප්‍රේමයක් පැමිණෙන්නේ කුදු මහත් ලෝකය අස්සේ මතක් වන , සොයාබලන බවට වන එකගවීම් සමග ය. ප්‍රේමයක් පැමිණෙන්නේ නන්නාදුන ගැහැණියක ට,  පිරිමියෙකු ට තම  ජීවිතයේ ලොකුම කොටස වෙන් කර දෙනවා යැයි ගත් තීරණය සමග ය. ප්‍රේමයක් පැමිණෙන්නේ ලෝකයක අවමන් ඉදිරියේ රකිනවා යැයි හදවත් වලින් වූ පොරොන්දුවක් සමග ය. 


ප්‍රේමය යනු, පෙනීසිටීම් ය , දරාගැනීම් ය, රැකබලාගැනීම් ය, ඉවසීම් ය, නොරිද්දා සිටීම් ය, ගෞරව කිරීම් ය. තුවාල නොකිරීම් ය.


හදවත් පරෙස්සම් කිරීමේ වගකීම ගැනීම් ය."

           -Copied from Sami Romana Bannahaka

No comments:

Post a Comment