Wednesday, August 19, 2020

 ඔබ නොමැති ජීවිතය නම්

දිය රැළිති නැති ගැඹුරු ගංගාවේ 

පාවෙමින් සිටිමි උඩුබැලි අතට ඔහේ

නහය විතරක් චුට්ටක්

වතුරෙන් උඩට

හුස්ම ගන්නට අවැසි නිසා පමණක්

නිලංකාරය දෑස් වැසී ගොස්

දැවෙමින් රක්ත හිරු කිරණින්

මා සිටින්නේ දුක සතුට නාදුනන

ඔබ නොමති ජීවිතය නම් ගංගාවේ

ගැඹුරුම ගැඹුරු තැනක 

උඩුබැලි අතට පාවෙමින්

ඉඳ හිට ඉහෙන පල් වතුර බිඳකින්

නිවාගෙන පිපාසය 

පෙඳ පාසි නිව්වා වගේ මතකයි සාගින්න

ඔහේ පාවෙමි ඔහේ පාවෙමි

ඔබ නොමැති ජීවිතය නම් ගංගාවේ

තනියට ඔබ නොපැමිණෙන බව දනිමි

ඔහේ පාවෙන ජීවිතය නොවටිනා බවද දනිමි

ඔබෙනුත් අත්වැලක් නොලැබේනම්

වෙනකෙක් පිහිටට නොඑන බවද දනිමි

එබැවින් පාවෙමි 

දුක සතුට නොදැනෙන 

ඔබ නොමැති ගංගාවේ.....

එසේ පාවී අවසන මියෙමි.........

No comments:

Post a Comment