Wednesday, August 19, 2020

ඕනෙම මිනිහෙක්ට හිතේ ආදරයක් ඇති වෙන්න පුලුවන්. ඒ මිනිහා හොරෙක්ද, බොරුකාරයෙක්ද, බේබද්දෙක්ඩ්ද, රඟපාන එකෙක්ද, දේශපාලකයෙක්ද, රජයේ සේවකයෙක්ද, බිස්නස් කාරයෙක්ද, පූජ්‍ය පක්ෂෙද, හිඟන්නෙක්ද, පාතල කාරයෙක්ද, කියන එක අදාල නෑ. හිතේ ආදරයක් ඇති උනාම ඒ ආදරේ තමයි අංක එක. ඒ මත්තෙ ජීවත් වෙන්නෙ. එහෙම වෙලාවක ඒ ආදරේ දමල ගහල යන්න යන්වනන්, තරාතිරම් අදාල නැතුවම මහ මූසල හැඟීමක් තමයි හිතට එන්නෙ. ආදරයක් නැති වෙනවා කියන්න දරන්න පුලුවන් දෙයක් නෙවේ. ඒ වගේ වෙලාවක ඇත්තටම ආදරේ කරපු පාතාල කාරයෙක්ටවත් තමන්ගෙ ආදරේ වෙනුවෙන් කඳුළක් නොහෙළා ඉන්න අමාරුයි. ඌ පාතාල කාරයෙක් කියල ඒ ගෑනිව උස්සගෙන ඇවිත් දස වද දෙන්නෙ නෑ. පැත්තකට වෙලා අඬනවා ඇරෙන්න. ආදරේදි බොරුකාරයො කියල ජාතියකුත් නෑ. මොකෙක් හරි බොරු කරනවනනන් ඒ යකා ආදරේ නෑ. හැබැයි, ආදරේ මනුස්සයෙක්ට කවදාවත් බොරු කරබ එක ලේසිත් නෑ. ඒ නිසා කිසිම හේතුවකට ආදරේ කරපු මනුස්සයෙක්ව මොකක් හරි හේතුවක් හොයාගෙන අමතක කරන්න හදනවනන්, ඒ ඌව මරල දානවා වගේ වැඩක්. ඒ මනුස්සය ජීවත් උනත් මැරි මැරී ජීවත් වෙයි. ඒ මනුස්සයාගෙන් ගැලවුණා කියල සතුටු වෙනවනන්, සෙලිබ්‍රේට් කරනවනන් හරි පව්. මනුස්සයෙක් ජීවත්ව ඉද්දිම මරණවා කියන්නෙ, මරල දානවට වඩා වේදනාවක්. 

No comments:

Post a Comment