සුවෙන් ඔබ නිදන්න
තැවි තැවී මම තනිව පහන් කරමි රැය
සැනින් සිත පෙළන්න
පෙර මතක අහුළමින් අතීතයේ පාවී යමි මම
රැය හෙමින් ගෙවෙන්න
ඉකි බිඳින්නට හේතු දහසක් ඉතිරි කර ගොස් නුඹ
ආදරය කල සිතකට
ද්වේශයෙන් රිදවන්න මෙතරම් හේතු කොහෙන්ද නුඹට
නුඹ නොදන්නවා උනාට
නොතේරෙන ගානට හිටියට
නුඹව හොඳටෝම තේරෙන
නුඹේ හැම දෙයක්ම
නුඹේ හැම හැඟීමක්ම
කොටින්ම නුඹේ හැම දුර්වල තැනක්ම පවා
හොඳටම තේරුන, තේරෙන
හැම මොහොතෙම නුඹව දරා ගත්තු
අඩුපාඩු හදා ගන්න කියා දුන්නු
ලෝබ නැතුව ආදරේ කරපු
මටම ඔහොම රිද්දද්දි
ඒත් ඉවසගෙන ආදරේ කරපු, ආදරේ කරන
කවුරු හරි කෙනෙක් ඉන්නවනන්
මට කියන්න
එදාට මම යන්නම යන්නන්
හැබැයි
බොරුවට නෙවේ, ඇත්තටම කියන්න
එහෙම කෙනෙක් මුණගැහුනොත් විතරක් කියන්න
එයාටත් මට වගේ රිද්දල බලන්න
මං වගේම දරා ගනියිද
ඉවසයිද
ආදරේ චුට්ටම චුට්ටක් වෙනුවෙන්
ජීවිත කාලයක් බලා ඉඳීද
එක සිනා පොදක් වෙනුවෙන්
දින ගණන් නිකරම මග බලයිද
අතින්වත් නොඅල්ලා සිතින් පමණක්ම බැඳී ලඟ හිඳියිද
මතකයට නුඹ පැමිණි මොහොතට
මොහොතකට පසු දැනුනු හැඟුමට
නමක් නොදනිමි දුකද සතුටද
සොයමි තේරුම මට නොවැටහෙන
ජීවිතේ සතුටු තැන් තිබුණෙ නුඹ හිටිය විට අසලින්
ජීවිතේ කඩා හැලුණෙත් නුඹ නිසාමයි විටෙක විගසින්
දුක සතුට එකතු වුණ හැඟීමට නමක් පබැඳුවොතින්
ආදරය විතරමයි වචනයක් ඒ අරුත සමඟින්
විටින් විට පෙළෙන විට හද නුඹ නැතිව
මිහිරි මතක දිව ඔසුවකි සිත නිවන
සොඳුරු සිනහ නුඹ මුව දුටුවත් දිනක
අහිමි වේය හැඟුමින් මා සිත දවන
කොඳුර කොඳුර ආලය මුසු කරමින් ඉඳ හිට
සොඳුර නුඹට අමතක ඇති සැනසුනු තැන් අප
රිදුන රිදෙන තැන් ඉඳහිට පාරන විට හිත
සයුර විතර ගැඹුරු තැනක අතරමංව අප
I know
I can't make you mine
But you are my beautiful soul
That beauty will never be mine
Anyway, I love that soul
I love that feel
I love that dream
Even it is just a dream now and forever
Please forgive me
Don't forget me
Keep your beautiful soul beside me
To make me comfortable
To feel me safe
I am not a lonely persone with you
"....ඇත්ත ලෝකෙ ජීවත් වෙන්න, එතකොට හරි...."
එයා යනකොට මට කියල ගියේ මෙහෙම. අහන බලන කෙනෙක්ට හිතෙයි, ඔව් ඉතින් ඇත්තනෙ එයා කියල තියෙන්නෙ කියල. ඔව්, ඒ වචන ටික විතරක් කියවන කෙනෙක්ට සහ මාව රිද්දන්න බලාගෙන ඒ වචන වලින් මට පහර දුන්න එයාට ඒ දේ ඇත්ත කියල හිතෙන්න පුළුවන්.
ඒත් එක්කම අනික් පැත්තට, අපි දෙන්න ගැන දන්න, අපි දෙන්න මෙච්චර කාලයක් ජීවිතේ දුක, සතුට ශෙයාර් කර ගත්ත හැටි දන්න කෙනෙක්ට ඕක එච්චර සාමාන්‍ය දෙයක් කියල හිතෙන්නෙ නෑ. ඒත් එහෙම හිතෙන්නෙ නැති වෙන කවුද ඉන්නෙ. එතනත් මම පරාදයි. මට උදව් කරන්න කෙනෙක් නෑ. ඇත්තටම අපි දෙන්න ගැන දන්නෙ අපි දෙන්න විතරමයි.
අද මට ඇත්ත ලෝකෙක ජීවත් වෙන්න උපදෙස් දෙන එයත්, එයා කියන විදිහට බොරු ලෝකයක් මවාගෙන ජීවත්වෙන මාත් විතරමයි අපි ජීවත් වුණ ලෝකෙ ගැන දන්නෙ. සමහර විට එයාට අමතක ඇති එයාගෙ ඇත්ත ලෝකෙ මම කියල ලස්සන කෙනෙක් හිටපු කාලෙ. මම කියන්නෙ නෑ මගෙන් එයාට ප්‍රයෝජනයක් තිබ්බ කියල. ඒත් ඒ ලෝකෙ මට තැනක් පොඩියට හරි වෙන් වෙලා තිබ්බ කියන එක මට දැනුනා, තේරුණා, මම ඒක වින්දා.
එයා කියනවනන් ඒක ඇත්ත ලෝකෙ නෙවේ කියල, මම කියනවා මට තේරුණ ඇත්ත ලෝකෙ තමයි ඒක කියල.
එයාට තිබ්බනෙ එහෙනන් මාව බොරු ලෝකයක් අස්සට එක්කරගෙන ගිහින් අතරමං කරල දාන්න කලින් මට ඒක කියල දෙන්න. දැන් එයා කියයි මම ඒක කොච්චර කිව්වද? කෝ තේරුන් ගත්තද කියල. නෑ... එහෙම කියන එකකුත් නෑ. මොකද මේක අහන්නවත් එයා කැමති වෙන එකක් නෑනෙ. එයා කියන විදිහට මේ ලෝකෙ බොරුවක්නන්, ඒ "බොරු" ලෝකෙ හැදුවෙ අපි දෙන්නම නේද?
අනේ ඇයි එහෙනන්, මට තනියම ඇත්ත ලෝකයක් හොයා ගන්න කියල උපදෙස් දීල, එයා එයා කැමති ලස්සන ලෝකෙකට ගියේ. ඇයි ඒ ලස්සන ඇත්ත ලෝකෙට මාත් එක්ක යන්න එයාට බැරි වුනේ. ආදරේ කියන්නෙ එතකොට, එයා කියන විදිහට බොරු ලෝකයක්ද?
නෑ එයා කියන්නෙ බොරු. මම දන්න ඇත්‍ත ලෝකෙ තමයි මට තාමත් මතක, මම තාමත් ආදරේ. ඒ ඇත්ත ලෝකෙ තමයි අපි දෙන්න සතුටින් හිටපු ලෝකෙ. මම තාමත් ජීවත් වෙන ඇත්ත ලෝකෙ තමයි එයා මං ගාව ඉන්න ලෝකෙ.
ඒ වගේ සුරංගනාවියක්ට පුළුවන්ද, ඇවිත් ආපිට නොදන්න ගානට යන්න. මම හිතන්නෙ නෑ. එයා එයි. එයා බොරු කියල හිතාගෙන ඉන්න මගේ ඇත්ත ලෝකෙට එයා ආයෙ එයි. මම බලන් ඉන්නවා ඒ සුරංගනාවි එනකන්.
...... .....
සුරංගනාවියක් ඇවිත් ගිහින්
ආදරේ අරන් ඇවිත් ගිහින්
එහෙම උනානන් කොච්චර හොඳද නේද
විඳෝල විඳෝල
යන්න යනකොට
ජීවිතය වැටහුනු
ඇය
හැකි වුණානන්
හදාගන්නට
ආදරය කරපු
(මගේ) හිත
කියෝල කියෝල
දවස තිස්සෙම
සවන පුරෝපු
ඇය
නිහඬ වෙනකොට
දැනෙන්නැත්තන්
කොච්චර ශෝක්ද
දුක
පස්සෙ වැටි වැටි
මුළු දිවා රෑ
පරිස්සන් කළ
ඇය
තනිව නැගිටින
විට උනත්
පුංචියි කෙල්ලකි
මට
කොඳුර කොඳුරා
සොඳුරු වදනින්
හීන පුරෝපු
ඇය
අහක බලනට
මොහොතකට පෙර
ගසා දමපන්
(මගේ) හිස
නුඹ එකතු කර දී ඇති මිහිරි අමිහිරි මතක
එකක් අත නෑර පිළිවෙලට ගෙන ගොනුකොට
හදවතේ හොඳින් ඉඩ ඇති තැනක කුටියක
අගුළු ලා ඇත නුඹටවත් සොරාගනු බැරි ලෙස
යතුරු නොමැතිව මතක ගොනු අස්සට
පුළුවනි යන්නට හිතෙන හිතෙන වෙලාවට
හදවතේ තදින් පෑරුණු තැනක් ලඟ ඉඳගෙන
රත් පැහැ කඳුලු හෙලමින් හඬමි තනිවම
එපමණකි නුඹෙන් මා ලද උරුමය
මතක අතරට කඳුළු බිඳු පමණමය
අප සිනාවුණු නිමේෂයන් අතලොස්ස
තමයි හදවත පාරන්නෙ තිස්සෙම
කඳුළු සඟවන්න සිනා මල් අපට තිබුණේම නෑ කවදාවත්
සිනහ සඟවමින් නිතරම කඩාපැන්නෙ කඳුලු හමුදාවක්
ගං ඉවුර දෙපැත්තෙන් අපි යන්නෙ එකම මග ගව් ගානක්
එහා ඉවුරෙන් නුඹ දකින එක මහ විසල් කම්පාවක්
ඔබගේ ආදරය අභිමුව
උමතු විය මා පෙර දින
ඔබගේ වෙන්ව යාමක සේයා දැනුණු තැන
උම්මත්තකයෙකු ව මා අද දින
අරමුණු විරහිත ශෝකාකූල ගංගාවක
සැඩපහර ගෙනයන දිසාවට
ඔහේ පා වී යමි මා
ගංගාව හති වැටුණු දිනක
විසි කරණු ඇත ඉවුරු පසෙකට
නැතිනම්
ගිළ ගනු ඇත මහා ගැඹුරට
මා....
නුඹ නිහඬව බලා සිටිනු ඇත
අද මෙන්.....