Saturday, October 9, 2021



සමහර විට මමත්

මේ අකුර වගේ ඇති 

නුඹේ ජීවිතයේ දැන් 

කිසි ප්‍රයෝජනයක් නැති 

එහෙත් අහක දාන්නත් සිත් නැති 


එබැවින් 


ඔහේ පවතින්න ඉඩ දෙනවා ඇති 

හිටියත් නැතත් මොකද හිතනවැ'ති 

පැරණි මතක අමතක කරනවැ'ති 

දුරින්වත් ලඟ ඉන්න කැමැත්තක් නැතුව ඇති 


මම 

මළ අකුරක් 

නුඹේ ජීවිතය තුළ

No comments:

Post a Comment