හමුවෙලා මුත් හිමි නොවුණු තැන
හිර වෙලා සුසුමක ආදරය
හිමි නොවන තැන කුමට බැඳුණි ද
නුඹ මගේ හදවත් එකින් එක
රිදවනා තරමට ගැලූ
කඳුළු පවසයි එහි තතූ
වේදනාවක සිර වුණූ
නිදහසක් නොපෙනෙන මතූ
එපා යන්නට හැර දමා මා
අහිමි ප්‍රේමය ජීවයයි
හුස්ම සිර කර මරා දමනට
වුවත් හැකි වෙයි, සත්තමයි
No comments:
Post a Comment