Thursday, October 21, 2021

නුඹ නොදන්නවා උනාට

නොතේරෙන ගානට හිටියට

නුඹව හොඳටෝම තේරෙන

නුඹේ හැම දෙයක්ම

නුඹේ හැම හැඟීමක්ම

කොටින්ම නුඹේ හැම දුර්වල තැනක්ම පවා

හොඳටම තේරුන, තේරෙන

හැම මොහොතෙම නුඹව දරා ගත්තු

අඩුපාඩු හදා ගන්න කියා දුන්නු

ලෝබ නැතුව ආදරේ කරපු

මටම ඔහොම රිද්දද්දි

ඒත් ඉවසගෙන ආදරේ කරපු, ආදරේ කරන

කවුරු හරි කෙනෙක් ඉන්නවනන්

මට කියන්න

එදාට මම යන්නම යන්නන්

හැබැයි

බොරුවට නෙවේ, ඇත්තටම කියන්න

එහෙම කෙනෙක් මුණගැහුනොත් විතරක් කියන්න

එයාටත් මට වගේ රිද්දල බලන්න

මං වගේම දරා ගනියිද

ඉවසයිද

ආදරේ චුට්ටම චුට්ටක් වෙනුවෙන්

ජීවිත කාලයක් බලා ඉඳීද

එක සිනා පොදක් වෙනුවෙන්

දින ගණන් නිකරම මග බලයිද

අතින්වත් නොඅල්ලා සිතින් පමණක්ම බැඳී ලඟ හිඳියිද

No comments:

Post a Comment