නුඹ එකතු කර දී ඇති මිහිරි අමිහිරි මතක
එකක් අත නෑර පිළිවෙලට ගෙන ගොනුකොට
හදවතේ හොඳින් ඉඩ ඇති තැනක කුටියක
අගුළු ලා ඇත නුඹටවත් සොරාගනු බැරි ලෙස
යතුරු නොමැතිව මතක ගොනු අස්සට
පුළුවනි යන්නට හිතෙන හිතෙන වෙලාවට
හදවතේ තදින් පෑරුණු තැනක් ලඟ ඉඳගෙන
රත් පැහැ කඳුලු හෙලමින් හඬමි තනිවම
එපමණකි නුඹෙන් මා ලද උරුමය
මතක අතරට කඳුළු බිඳු පමණමය
අප සිනාවුණු නිමේෂයන් අතලොස්ස
තමයි හදවත පාරන්නෙ තිස්සෙම
කඳුළු සඟවන්න සිනා මල් අපට තිබුණේම නෑ කවදාවත්
සිනහ සඟවමින් නිතරම කඩාපැන්නෙ කඳුලු හමුදාවක්
ගං ඉවුර දෙපැත්තෙන් අපි යන්නෙ එකම මග ගව් ගානක්
එහා ඉවුරෙන් නුඹ දකින එක මහ විසල් කම්පාවක්
No comments:
Post a Comment