උලලේණියෙ නුඹ විතරයි
මගේ සුසුම් අඳුනන්නේ
බදුල්ල ගහ මුදුනේ ඉඳන්
මගේ දුකට වැලපෙන්නේ
අන්දකාරෙ නුඹෙ "මූසල"
හඬ විතරයි තනි බින්ඳේ
තනිකම හද පාරන වග
නුඹ කොහොමද දැන ගත්තේ
කණාමැඳිරි රුවක් තරම්
එළියක්වත් මට කොයින්ද
පුන්සඳ නැති අහස වගෙයි
අඳුර කනට කොඳුරණකොට
No comments:
Post a Comment