Thursday, December 31, 2020

 බොහොමයක් රාත්‍රීන් ඉතා දිගුය

ඔබ දකින්නේ එවැනි දිගු රාත්‍රීන්ගෙන් ඉතා සුලු ප්‍රමාණයකි

මරණීය වේදනාවන් කඳුලු බවට පත්වන දිගු රැයවල් සියල්ල ඔබව අවදියෙන් තබන රැයවල් නොවන්නේය

නුඹ ගැන සිතීම නුඹ අවදියෙන් සිටියදී ද, නුඹ සුව නින්දක සිටියදී ද නිරායාසයෙන් සිදුවන්නකි

එලෙස සිතෙන වාරයක් වාරයක් පාසා මහත් වූ දුකක් සිතේ ජනිත වීම වලක්වන එන්නතක් තවමත් නැත

නමුත් එය වැලැක්වීමට ඇති එකම එක ඖෂධයක් පමණක් ඇති බව දනිමි

ඒ නුඹේ සිනහවකි

සිත නිරෝගී වන්නේ නුඹේ සිනහවකින් පමණි



Thursday, December 24, 2020

 පස්සෙන් යන්න

බලාගන්න

පරිස්සන් කරන්න

දකින්න

කතාකරන්න

හිනා වෙන්න

අතින් අල්ලගෙන ඇවිදින්න

විහිලුවක් කරන්න

තරහ ගස්සන්න

ඉඩක් නැති තැන


එකම සතුට

මගබලා හිඳීමම පමණකි

Monday, December 21, 2020

 දුරක සිටවත් දකින්නට

සිනාවක් මුණ ගැහෙන්නට

නොහැකිව ලතැවෙමි නිතර


වචනයක් හරි අහන්න

සිහිනයක හරි දකින්න

හැකිවෙතැයි පතමි නිතර


කාන්තාරයක දුටුව 

ක්ෂේම භූමියයි නොදැන

ඇයිද නුඹ නිහඬ නිතර


ආදරය මේ යැයි

පැවසූ හඬයි මටනම් නුඹ

නෑසුනත් නිතර නිතර

Wednesday, December 16, 2020

සමහර දවස් හරි දිගයි, මහන්සියි

සමහර දවස් කෙටියි, හිතට සතුටුයි 

මග බලන් සිටි දවස්, දිග දවස්

නුඹ ලඟ සිටි  දවස්, හරි කෙටි දවස්

ඈත ඉඳන්, නොපෙනෙන තැනක ඉඳන් 

මගේ ජීවිතය හසුරුවන නුඹ මහ නපුරියක්

විටින් විට රිදවන ඉදහිටක සනහන

සනහා රිදවා සැනහෙන

නුඹ මහ අමුතු ආදරයක්.....

Monday, December 14, 2020

නිරිත දිග ආකහේ අඳුර අතරින්          කඩා

හැලෙන තරුවක් බලා ප්‍රාර්ථනාවක්  කලා

දිදුලමින් හිනැහෙනා සිකුරු තරුවට  වඩා

හිනැහෙමින් දිදුලන්න මුළු ජීවිතේ     පුරා


දිදුලමින් කඩාගෙන වැටෙන්නේ           කඳුලූ

මියැදෙන්න මොහොතකට කලින් ලස්සනලූ

හිනැහෙන්නෙ කවදාද කඩා බිඳ            පවුරූ

නුඹව හිමි නොවුනාට මට තනිය          පුරුදූ



Saturday, December 12, 2020

 "මං තමුසෙට ආදරෙයි මෝඩියේ"


අර දෙරණෙ යන නාට්‍යයක ආදි ද කවුද මංද කොල්ලෙක් කෙල්ලෙක්ට ඔහොම කියල ලු. ඒක හැමතනම පෝස්ට් වල share වෙනවා දකිනකොට මොකද්දෝ පුරුදු හැඟීමක් ආපු නිසා පරණ මතක පොඩ්ඩක් අවුස්සලා බැලුවා. මේ ඒ හම්බුන මතකය......


http://sondurusithuwili.blogspot.com/2020/04/blog-post_12.html?m=0

 ඔබ සුවෙන් නිදන්න

එය මගේ පැතුමයි

මම නිදි වරමින්

නුඹ මෙනෙහි කරමි

ආදරයේ වේදනාව

මා දවාලන රාත්‍රීන්

හැඬූ කදුලින්

නොනිදා පසු කරමි


ආදරය "විඳිමි"

Friday, December 11, 2020

ඉතා අහම්බෙන් මගේ ජීවිතේට ලං වෙච්ච එයා එක්ක මං ගොඩක් දේවල් කතා කරල තියෙනවා. සමහර දේවල් කියන්න මට හිටිය එකම විස්වාසවන්තයා එයා විතරයි. එයා ඒ තරන්ම හොඳින් ඒ දේවල් ඇහිවා. ඒ හැම සංවාදයක්ම අවසන් වුනේ හිනා මූණකින්. 🙂

සංවාදය නිළ වශයෙන් අවසන් වුණා කියන සංකේතය තමයි ඒ හිනා මූණ. 

"Know this, You don't meet people by accident. And nothing in life happens by coincidence."

සරලව කිව්වොත් මේ ජීවිතේ අහම්බෙන් අපිට කවුරුවත් මුණගැහෙන්නෙ නෑ. ජීවිතේ කිසිම දෙයක් අහම්බෙන් සිද්ධ වෙන දේවලුත් නෙවේ. තවත් විදිහකට කියනවනන් අපිට අහම්බෙන් වගේ හමුවණ පුද්ගලයන්ට, සිදුවීම් වලට යම් කාර්‍යභාරයක් පැවරිලා තියෙනවා අපේ ජීවිතය සම්බන්ධව. 

ඔය උඩ කතාව තියෙන්නෙ ඉන්දියාවෙ බැංගලෝරය ආශ්‍රිතව කතාවක් දිග හැරෙන "A Date" කියන පැය එකහමාරක විතර චිත්‍රපටයෙ. ඒත් ඒ චිත්‍රපටය විනාඩි කීපයකට වඩා බලන්න මට හිත දුන්නෙ නෑ.

දකුණු ආසියාතික රටක dating කියන්නෙ එච්චර සම්මත දෙයක් කියල සලකන්නෙ නැති දෙයක්නෙ. ගැහැණියකට පිරිමියෙකුට දවසක් එකතු වෙලා එළියට ගිහින් ගත කරනවා කියන දේ, සංස්කෘතිකව දරා ගන්න බැරි සමාජයකනෙ අපි ජීවත් වෙන්නෙ. ඒ වගේ සමාජයක කෙල්ලෙක් කොල්ලෙක් ගත කරන දවසක් ගැන තමයි මේ චිත්‍රපටය දිග හැරෙන්නෙ.

Receptionist - Madam some one has come to see you, can you come down to reception please

She - Who is that?

Receptionist - He told your colleague 

She - Colleague? Ok coming

ඒ රාත්‍රියේ ඔවුන් හමුවන මොහොතයි. නමුත් ඇය නොසතුටින්‍ ය.

She - I hated him the moment I saw him. Guys cant be more anoying than this. Please no.

I am very tired and I desperately need to rest!. I think i got fever also

He - Monisha! You have promissed.

She - What the hell did I promise. Next week for sure

He - You are not going to keep your word

She - Hello? What? EMOTIONAL BLACKMAIL?

ඒ අන්තිම වචන දෙක මට මේක බලන එක අතිශය අපහසු කළා. ඇත්තටම Emotional Blackmail කරනවා කියන්නෙ මොකද්ද? ඇයි මගෙ ජීවිතේ හැම දෙයක්ම දැනගෙනත්, මම කවුද කියන දේ මටත් වඩා දැනගෙනත් එහෙම කිව්වෙ. ඒ වචනෙ එයා පාවිච්චි කලේ මාව මග හරින්න විතරම ද? ඔය වගේ මහ ප්‍රශ්න ගොඩක් ඔලුවට ආවා මේ දෙබස් කීපය නිසා.

ඇත්තටම ඒ චිත්‍රපටය ලස්සනයි. ඒ රඟපෑම් තාත්විකයි. මම මෙහෙම කියන්නෙ මම තව ටිකක් ඒක බලන්න උත්සාහ කළ නිසයි. ඒත් හරි අර Emotional Blackmail කියන වචනෙ ඔලුවෙ දෝංකාර දෙනකොට හරි අමාරුයි මනස එක විදිහකට තියාගෙන චිත්‍රපටයක් බලන්න. 

ඒ වචනෙත් එක්ක මට මැවෙන්නෙ එයාව. Emotional Blackmail වෙලා ඉන්න කෙනෙක් කොහොමද තවත් කෙනෙක්ව Emotionally Blackmail කරන්නෙ? එහෙම වෙන්න පුලුවන් ද? ඒක මහ අභුත චෝදනාවක් විතරයි නේද? 

ඉඳින් චිත්‍රපටය නැවත හෙට නැරඹීමට උත්සාහ කරමි. තාවකාලික සිනහ මුහුණ, එයාගෙ සතුට ආරක්ෂාව නිදහස වෙනුවෙන් ඉවසන්න පුලුවන් උනත් ස්ථීර හිනා මූණක් එහෙම ඉවසන්න බෑ. ඒක මහ වේදනාවක්!

She - Good Night

He - Take Care

She - hmmmmmmm

He - Love you

She - Bye beloved brother 

He - Bye lovely sister

She - 🙂

He - 🙂



Thursday, December 10, 2020

වේදනාවෙන් මිරිකි මිරිකී නුඹවම සොයමි 

රෝස මල කටු නටුවක රැකවරණ මත සුවෙන්

පියාපත් ඇතත් පියාඹා'විත් පෙති තලන්නට සිත් නොදේ

පෑරෙන රිදුම් සමඟ මල් නටුව මගක රැදී සිටිමි

සීරුම් ඇදුම් කන මොහොතක නුඹ පිපී හිනැහෙන මොහොතක් පතමි

සමහර බැඳීම් ඉස්සරහ අපි හරි අසරණයි. ජීවත් වෙනවද මැරෙනවද කියන එකවත් තීරණය කර ගන්න බැරි තරමට අසරණයි.

හදවතින් ආදරේ කරන කෙනෙක් ඒ ආදරේ වෙනුවෙන් නොකරන දෙයක් නෑ. ඒ ආදරේ තමන්ගෙ කර ගන්න නොකරන දෙයක් නෑ.

සමහරුනන් කියයි ප්‍රතික්ෂේප කිරීම් තමයි ජීවිතේට ලැබෙන ලොකුම ආශිර්වාදය කියල. පිස්සු. එහෙම වෙලාම බලන්න ඕනෙ ඔය දාර්ශනික වදන් හරි යනවද කියල. තමන්ව ප්‍රතික්ෂේප උනාම එහෙනන් මිනිස්සු ඇයි ජීවිතේ නැති කර ගන්නෙ. ඒ මිනිස්සුන්ට ඒ ආදරේ තමන්ගෙ ජීවිතේට වඩා වටින නිසා නෙවේද? 

ඒ නිසා වැරැද්දක් නැතුව තමන්ට ආදරේ කරන කෙනෙක් අමතක කරල දාන්න එපා කිසිම දවසක. තමන්ට ආදරේ කරන මනුස්සයා විඳවන හැටි රස විඳින්න එපා. ඒ මනුස්සයගෙ ජීවිතේ විනාස වෙන හැටි බලාගෙන ඉන්නවත්, නොදැක්ක විදිහට අහක බලන් ඉන්නවත් එපා. 

කවද හරි දවසක අමතක වෙලා යයි කියල හිතෙයි. ඔව්...එහෙම වෙයි. ඒත් එදාට තමන් වෙනුවෙන්, තමන්ගෙ ආදරය වෙනුවෙන්, තමන්ගෙ එක වචනයක් වෙනුවෙන්, තමන්ගෙ එක හිනාවක් වෙනුවෙන් කෙනෙක් එයාගෙ ජීවිතෙන් වන්දි ගෙවල තියෙයි.

එදාටත් හිතෙයිද මම ඒ "කරදරෙන් නිදහස්" වුනා කියල?

Wednesday, December 9, 2020

ආදරේ කියන්නෙ පුදුමාකාර දෙයක්. ඒකට පුලුවන් මනුස්සයෙක් ජීවත් කරන්න. ඒ වගේම මැරි මැරී ජීවත් කරන්න. එහෙම නැත්නන් මරලම දාන්න. ඒක තීරණේ කරන්නෙ ආදරේ කරන අයමයි.

අපි කන්න ආස කෑමක් අපිට කවදාවත් නොලැබුනොත් අපි මැරෙන්නෙ නෑ. අපිට දුකකුත් නෑ. තිබ්බොත් හොඳයි කියල හිතෙයි. ඒත් නැතත් අවුලක් නෑ. අහල තියෙනවද ඒ වගේ රස කෑමක් කන්න නෑ කියල මැරුණ අය. පිස්සො වුණ අය. 

හැබැයි ආදරේ එහෙම නෑ. ඒක නැති වෙන එක දරා ගන්න බෑ. නොලැබෙන එක දරා ගන්නත් බෑ. ලැබුණු ආදරයක් වෙනස් වෙන එක එච්චරවත් බෑ. ආදරේ නිසා තමංගෙ ජීවිතේ නැති කර ගත්ත අය කොච්චර ඇත්ද? ආදරේ නිසා පිස්සන්කොටු වලට කොටු වෙච්ච ජීවිත මෙච්චරයි කියල කියන පුලුවන්ද? ආදරේ නිසා මිනීමරුවො වෙච්ච අය පවා ඉන්නවා නේද?

ඒක හරියි කියනවා නෙවේ. නමුත් ඒක නේද යතාර්තය. මනුස්සයෙක්ට ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ. ඕනෙ හොරෙක්, මිනීමරුවෙක්, සල්ලාලයෙක් ඇතුලෙ උනත් ආදරේ කියන දේට ඉඩක් තියෙනවා. ඒ වගේ මනුස්සයෙක්ගෙ පපුව උනත් එක පාරට ගැස්සිලා යන්න හේතුවක් තමයි තමන්ගෙ ආදරේ නැති වෙන්න යනවා කියන හැඟීම. 

ඒ වගේ හැඟීමක් පාලනය කර ගන්න පුලුවන්නන් හොඳයි. ඒත් ඒ කොහොමද? අඬල පුලුවන්ද? ආදරේ නිසා අඬන ගෑණු පිරිමි අඬල ඒක දරා ගන්නවද? එහෙම බෑ. එක්කො මුලු ජීවිත කාලෙම විඳවයි. එක්කො තමන්ගෙන්ම පළි අරන් විනාස වෙයි. මම මේ කතා කරන්නෙ ඇත්තටම ආදරේ කරන අය ගැන. 

කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, කිසිම ස්පර්ශයක්වත් බලාපොරොත්තු නොවී ආදරේ කරන කෙනෙක්ට තමන්ගෙ ආදරවන්තයා හෝ ආදරවන්තිය කියන්නෙ මැණිකක්. ගොඩක් වටින මැණිකක්. ඒ මැණිකට උනත් හිතෙන්න පුලුවන් මේ කෙනාට මගේ තියෙන වටිනාකම මොකද්ද මෙච්චර කියල. ඒක කියන්න තේරෙන්නෙ නෑ.... මැණික. 

ඒක කියන්න තේරෙන්නෙ නෑ. ඒත් තමන්ගෙ ජීව්තේට වඩා වැඩි වටිනාකමක් තියෙනවා කියන එකනන් ඕනෙවටත් වැඩිය තේරෙනවා. 


දිනූෂ ජයසිංහ



Tuesday, December 8, 2020

ආදරය පුද කලේ ආදරෙන්                  ඉමහත්

ඒ නිසා වෙන්න ඇති මේ තරන්          සවිමත්

රිදවන්න හඬවන්න කරුනු කිම  මෙහෙමත්

තෑලුවාට පෙලුවාට ආදරෙයි     කොහොමත්

Sunday, December 6, 2020

 මම තවම පෙරමඟ බලා සිටිමි

ඔබගේ චායාවක් හෝ බලා බලා සිටිමි

මම මගේ ජීවිතය අත හැර බලා සිටිමි

ඔබ නොමැති ලොවක ජීවිත් වීමට නොහැකිම මැරි මැරී  ඉපදෙමි


මා ඔබට පණටත් වැඩිය ආදරය කරමි

ඔබ වෙනුවෙන් මියයමි

ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි

නවතින්නට වෙහෙසෙමි


Saturday, December 5, 2020

ඇසිපිය නොහෙලා ඔබ එන තුරු බලා සිටින කීවෙනි දවසදැයි මට මතක නැත. රැයක් දවාලක් නැතුව මම ඔබ වෙනුවෙන් මග බලා හිඳිමි.  ඔබ මා අසල නැතැයි සිතන ජීවිතයක් මට නැත. එසේ සිතීමත් බිය උපදවනසුලුය. එවැන්නක් සිතෙන සිතෙන වාරයක් පාසා ශරීරය හරහා විදුලියක් ගමන් කරන්නාක් මෙන් හැඟීමක් දැනේ. එය එතරම්ම දරා ගත නොහැකි හැඟීමකි. මා නුඹෙන් නුඹව නොඉල්ලමි. මා ඉල්ලන්නෙ මාවය. 🙏

 ආදරය අහිමි වී යන බව දැනුණි

මාවතේ අතරමං කර ඔබ දුර ඇදුණි

පාලුවට මතක මුසු කොට මත් වෙමි

මරණයේ සයනය සුවැති බව දනිමි


ආදරය කියන්නෙම මත් වෙන්න පෙත්තක්

ඇබ්බැහිය අත්හැරිය නොහැකි වේදනාවක්

දැනුනොතින් ආදරය කවද හරි වතාවක්

දැනෙයි මගෙ හදවතට දැනෙන වේදනාවක්


යන්න යන්නම තව තවත් ලංවෙනා

පන්න පන්නම හිතට දෙන වේදනා

එන්න එන්නම මරණයක් ලං වෙනා

යන්න යනවිට ඔබ ඉතින් සතුටිනා

Friday, December 4, 2020

 නුඹ සුවෙන් නිදන්න

තවත් නිදි නැති රාත්‍රියක කටුක බව විඳිමි

රාත්‍රිය සුන්දර බව කී කවීන් සියල්ල බොරු කාරයෝ බව තීරණය කලෙමි

රාත්‍රිය ආදරය නම් වරද කල වුන්ගේ සිපිරි ගෙයයි

නමුත්

වරද කල සියල්ලන් දඬුවම් නොවිඳියි

සමහරුන් දඬුවම් මගහැර සුවෙන් නිදයි

ඒ නම් වාසනාව විය හැක

අවාසනාව කර පින්නාගෙන පැමිණියෙකුට එවැන්නක් බලාපොරොත්තු විය නොහැක

ජීවිතය හරි පුදුමයි

එකම ආදරයක දෙකොන සිටි දෙදෙනෙක්

ඔබ සුව නින්දක - මා ඔබට සුව පතමින් කල්පනාවක

ආදරේ කරන්න හැමෝටම බෑ

ඒ මත්තෙම නැහෙන්නත් හැමෝටම බෑ

ආදරේ නිසා මැරෙන්න කලින්ම මැරිල ඉන්න කෙනෙක්ට

අමුතුවෙන් මැරෙන්න දේකුත් නෑ

මං ඇත්තටම මැරුණ දවසට අඬන්න එපා

මං මැරිල ගොඩක් කල්

 නුඹ නොමැති ජීවිතයක් කුමටද

එවැනි ජීවිතයකට වඩා සුදුසු මරණයයි

හිනැහී බලා සැනින් පලා යන්න

හදවත පුපූරනා හ්හැටි නූඹ න්නොදනී

දනීනම් නූබ මට මෙසේ නොකරනු ඇත

මාගේ මරණය බලාපොරොත්තු වන්නට තරම්  මා ඔබට වරදක් කර ඇත්ද?


🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Thursday, December 3, 2020

රිදවන්න තව තවත් හදවත

පිරිමැදූම් කුමටද 

එකතු වන්නන් මාත් නුබට

පණ ගැහෙන පපුවට

අනින්න රූරා ලේ  ගලන්න

රත් පැහැ ලේ රටා 

හැඩ දමාවි නුඹව........

 You can't play with my life

You can just enjoy

I'm the one who can play with my own life

Watch it; have fun with a popcorn!

Wednesday, December 2, 2020

ඔයා ඉයන්ට ආදරේ කරන්න...... මං තරහ නෑ......ඒත් මං කොහොමද ඔයාට ආදරේ නොකර ඉන්නෙ.....?

Can you hear me

Ep. 34


Tuesday, December 1, 2020

 ඔබ දිනෙන් දින මරණයේ සුදු දද මගේ මග දෙපස අතුරයි

මා රැයෙන් රැය වීදුරු පුරා සතුට පැනින් ජීවිතය අයදියි

ව්‍යාග්‍ර ධේනුවක් ගොදුර අඩපණ කොට එදෙස බලා සිටියි

තවම මිය ගොස් නැත, බලාපොරොත්තු හැර මරණයට සැරසෙයි


සුදු නැති මගේ මරණය එපා වසන්න සුදු ඇඳුමකින්

කළු පැහැය කදිමයි, ආදරය නම් වරද  සිහිගන්වයි

කඳුලු ආවොත් සතුටට, සඟවාගෙනම ඉන්න වෙයි

හිස නමා බොරු වැඳුම් මොකටද, මළ සිරුරකට අකැපයි


මිතුරන් හමුවන්න තොරතුරු විමසන්න මේක උත්සවයක්

විහිලුවෙන් සිනාවෙන් ප්ලාස්ටික් පුටුවක ඉන්න පුලුවන් ටිකක්

වැරදි ඇද හොඳ විමසන තැනක පවසන්න ඔබත් බොරුවක්

මිනීමරුවන් මළගමට පැමිණෙන එක සමාන්‍ය සිරිතක්

 Happiness


You feel happy?

Making a living corpse, who loved most;

Keping wide awake, who looked after   most;

Making drunkard, who took care always;

Waitng eargaly for death, of the painful soul!