Monday, December 21, 2020

 දුරක සිටවත් දකින්නට

සිනාවක් මුණ ගැහෙන්නට

නොහැකිව ලතැවෙමි නිතර


වචනයක් හරි අහන්න

සිහිනයක හරි දකින්න

හැකිවෙතැයි පතමි නිතර


කාන්තාරයක දුටුව 

ක්ෂේම භූමියයි නොදැන

ඇයිද නුඹ නිහඬ නිතර


ආදරය මේ යැයි

පැවසූ හඬයි මටනම් නුඹ

නෑසුනත් නිතර නිතර

No comments:

Post a Comment