සමහර බැඳීම් ඉස්සරහ අපි හරි අසරණයි. ජීවත් වෙනවද මැරෙනවද කියන එකවත් තීරණය කර ගන්න බැරි තරමට අසරණයි.
හදවතින් ආදරේ කරන කෙනෙක් ඒ ආදරේ වෙනුවෙන් නොකරන දෙයක් නෑ. ඒ ආදරේ තමන්ගෙ කර ගන්න නොකරන දෙයක් නෑ.
සමහරුනන් කියයි ප්‍රතික්ෂේප කිරීම් තමයි ජීවිතේට ලැබෙන ලොකුම ආශිර්වාදය කියල. පිස්සු. එහෙම වෙලාම බලන්න ඕනෙ ඔය දාර්ශනික වදන් හරි යනවද කියල. තමන්ව ප්‍රතික්ෂේප උනාම එහෙනන් මිනිස්සු ඇයි ජීවිතේ නැති කර ගන්නෙ. ඒ මිනිස්සුන්ට ඒ ආදරේ තමන්ගෙ ජීවිතේට වඩා වටින නිසා නෙවේද?
ඒ නිසා වැරැද්දක් නැතුව තමන්ට ආදරේ කරන කෙනෙක් අමතක කරල දාන්න එපා කිසිම දවසක. තමන්ට ආදරේ කරන මනුස්සයා විඳවන හැටි රස විඳින්න එපා. ඒ මනුස්සයගෙ ජීවිතේ විනාස වෙන හැටි බලාගෙන ඉන්නවත්, නොදැක්ක විදිහට අහක බලන් ඉන්නවත් එපා.
කවද හරි දවසක අමතක වෙලා යයි කියල හිතෙයි. ඔව්...එහෙම වෙයි. ඒත් එදාට තමන් වෙනුවෙන්, තමන්ගෙ ආදරය වෙනුවෙන්, තමන්ගෙ එක වචනයක් වෙනුවෙන්, තමන්ගෙ එක හිනාවක් වෙනුවෙන් කෙනෙක් එයාගෙ ජීවිතෙන් වන්දි ගෙවල තියෙයි.
එදාටත් හිතෙයිද මම ඒ "කරදරෙන් නිදහස්" වුනා කියල?
No comments:
Post a Comment