නුඹ සුවෙන් නිදන්න
තවත් නිදි නැති රාත්‍රියක කටුක බව විඳිමි
රාත්‍රිය සුන්දර බව කී කවීන් සියල්ල බොරු කාරයෝ බව තීරණය කලෙමි
රාත්‍රිය ආදරය නම් වරද කල වුන්ගේ සිපිරි ගෙයයි
නමුත්
වරද කල සියල්ලන් දඬුවම් නොවිඳියි
සමහරුන් දඬුවම් මගහැර සුවෙන් නිදයි
ඒ නම් වාසනාව විය හැක
අවාසනාව කර පින්නාගෙන පැමිණියෙකුට එවැන්නක් බලාපොරොත්තු විය නොහැක
ජීවිතය හරි පුදුමයි
එකම ආදරයක දෙකොන සිටි දෙදෙනෙක්
ඔබ සුව නින්දක - මා ඔබට සුව පතමින් කල්පනාවක
No comments:
Post a Comment