ආදරය අහිමි වී යන බව දැනුණි
මාවතේ අතරමං කර ඔබ දුර ඇදුණි
පාලුවට මතක මුසු කොට මත් වෙමි
මරණයේ සයනය සුවැති බව දනිමි
ආදරය කියන්නෙම මත් වෙන්න පෙත්තක්
ඇබ්බැහිය අත්හැරිය නොහැකි වේදනාවක්
දැනුනොතින් ආදරය කවද හරි වතාවක්
දැනෙයි මගෙ හදවතට දැනෙන වේදනාවක්
යන්න යන්නම තව තවත් ලංවෙනා
පන්න පන්නම හිතට දෙන වේදනා
එන්න එන්නම මරණයක් ලං වෙනා
යන්න යනවිට ඔබ ඉතින් සතුටිනා
No comments:
Post a Comment