Wednesday, December 9, 2020

ආදරේ කියන්නෙ පුදුමාකාර දෙයක්. ඒකට පුලුවන් මනුස්සයෙක් ජීවත් කරන්න. ඒ වගේම මැරි මැරී ජීවත් කරන්න. එහෙම නැත්නන් මරලම දාන්න. ඒක තීරණේ කරන්නෙ ආදරේ කරන අයමයි.

අපි කන්න ආස කෑමක් අපිට කවදාවත් නොලැබුනොත් අපි මැරෙන්නෙ නෑ. අපිට දුකකුත් නෑ. තිබ්බොත් හොඳයි කියල හිතෙයි. ඒත් නැතත් අවුලක් නෑ. අහල තියෙනවද ඒ වගේ රස කෑමක් කන්න නෑ කියල මැරුණ අය. පිස්සො වුණ අය. 

හැබැයි ආදරේ එහෙම නෑ. ඒක නැති වෙන එක දරා ගන්න බෑ. නොලැබෙන එක දරා ගන්නත් බෑ. ලැබුණු ආදරයක් වෙනස් වෙන එක එච්චරවත් බෑ. ආදරේ නිසා තමංගෙ ජීවිතේ නැති කර ගත්ත අය කොච්චර ඇත්ද? ආදරේ නිසා පිස්සන්කොටු වලට කොටු වෙච්ච ජීවිත මෙච්චරයි කියල කියන පුලුවන්ද? ආදරේ නිසා මිනීමරුවො වෙච්ච අය පවා ඉන්නවා නේද?

ඒක හරියි කියනවා නෙවේ. නමුත් ඒක නේද යතාර්තය. මනුස්සයෙක්ට ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ. ඕනෙ හොරෙක්, මිනීමරුවෙක්, සල්ලාලයෙක් ඇතුලෙ උනත් ආදරේ කියන දේට ඉඩක් තියෙනවා. ඒ වගේ මනුස්සයෙක්ගෙ පපුව උනත් එක පාරට ගැස්සිලා යන්න හේතුවක් තමයි තමන්ගෙ ආදරේ නැති වෙන්න යනවා කියන හැඟීම. 

ඒ වගේ හැඟීමක් පාලනය කර ගන්න පුලුවන්නන් හොඳයි. ඒත් ඒ කොහොමද? අඬල පුලුවන්ද? ආදරේ නිසා අඬන ගෑණු පිරිමි අඬල ඒක දරා ගන්නවද? එහෙම බෑ. එක්කො මුලු ජීවිත කාලෙම විඳවයි. එක්කො තමන්ගෙන්ම පළි අරන් විනාස වෙයි. මම මේ කතා කරන්නෙ ඇත්තටම ආදරේ කරන අය ගැන. 

කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, කිසිම ස්පර්ශයක්වත් බලාපොරොත්තු නොවී ආදරේ කරන කෙනෙක්ට තමන්ගෙ ආදරවන්තයා හෝ ආදරවන්තිය කියන්නෙ මැණිකක්. ගොඩක් වටින මැණිකක්. ඒ මැණිකට උනත් හිතෙන්න පුලුවන් මේ කෙනාට මගේ තියෙන වටිනාකම මොකද්ද මෙච්චර කියල. ඒක කියන්න තේරෙන්නෙ නෑ.... මැණික. 

ඒක කියන්න තේරෙන්නෙ නෑ. ඒත් තමන්ගෙ ජීව්තේට වඩා වැඩි වටිනාකමක් තියෙනවා කියන එකනන් ඕනෙවටත් වැඩිය තේරෙනවා. 


දිනූෂ ජයසිංහ



No comments:

Post a Comment