බොහොමයක් රාත්‍රීන් ඉතා දිගුය
ඔබ දකින්නේ එවැනි දිගු රාත්‍රීන්ගෙන් ඉතා සුලු ප්‍රමාණයකි
මරණීය වේදනාවන් කඳුලු බවට පත්වන දිගු රැයවල් සියල්ල ඔබව අවදියෙන් තබන රැයවල් නොවන්නේය
නුඹ ගැන සිතීම නුඹ අවදියෙන් සිටියදී ද, නුඹ සුව නින්දක සිටියදී ද නිරායාසයෙන් සිදුවන්නකි
එලෙස සිතෙන වාරයක් වාරයක් පාසා මහත් වූ දුකක් සිතේ ජනිත වීම වලක්වන එන්නතක් තවමත් නැත
නමුත් එය වැලැක්වීමට ඇති එකම එක ඖෂධයක් පමණක් ඇති බව දනිමි
ඒ නුඹේ සිනහවකි
සිත නිරෝගී වන්නේ නුඹේ සිනහවකින් පමණි
No comments:
Post a Comment