Saturday, March 13, 2021

ගුගුර ගුගුරා වහින වැස්සත්

හරියටම නුඹ වාගෙමයි

චිචිරි චිරි හඬ සවන පාරා

නිහඬ රෑ කළබල කරයි

අහස් ගැබ හිස් කිසිදු එළියක

ලකුණු නැති රැය සීතලයි

නුඹේ උණුහුම නැති රැයක

හීතල මටත් ඔච්චම් කරයි



No comments:

Post a Comment